වසර හතරක් තුළ ලක්ෂ 40ක් අලුතෙන් දුප්පත් වෙලා!

Date:

කොළඹ LNW:”ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ දර්ද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන මෙරට ජනගහනය මිලියන 4කින් වැඩි වී ඇති බව වාර්තා කර තිබේ.

මහාචාර්ය රොහාන් සමරජීව සභාපතිත්වය දරන මෙම සංවිධානය ජීවා පෙරුමාල්පිල්ලෙයි, ලක්ෂ්මන් බණ්ඩාරනායක, මර්වින් ද සිල්වා සහ විශාඛා නානායක්කාර ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත වෙන අතර ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව පෙන්නුම් කරන්නේ 2019 දී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුනු බවයි.

2023 දී එය මිලියන 7ක් හෙවත් ජනගහනයෙන් 31% බවට පත් වී ඇති බව සඳහන්.

2023 සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් 81% ක් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වෙන අතර 2019 සිට ග්‍රාමීය දරිද්‍රතාවය 15% සිට 32% දක්වා දෙගුණ වී ඇත. නාගරික දරිද්‍රතාවය 6% සිට 18% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ.

වතු ප්‍රජාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් දරිද්‍රතාවයේ ජීවත් වෙන බව එමඟින් පෙන්වාදෙයි.

පවතින සමාජ ආධාර වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළඟා වීමට අපොහොසත් වී ඇති බවත් දුප්පත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර ධනවත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධිය ලබන බව ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව අනාවරණය කර ඇත.

සමීක්ෂණයේදී ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබඳ ආමන්ත්‍රණය කර තිබෙන අතර දෙමව්පියන් පවසා ඇත්තේ දරුවන් කිහිපදෙනෙකු සිටින පවුල්වල අධ්‍යාපන කටයුතුවලදී ප්‍රමුඛතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි, නිවාස 10,000 කට වැඩි සාම්පලයක් ඇසුරෙන් සමීක්ෂණය සිදුකර ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...