සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, වියළි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක යල කන්නයේ කුඹුරු වගාව සඳහා ජලය මුදා හැරීමේ ගැටලු මතුව ඇති බවයි .
ඔහු ප්‍රකාශ කළේ , මෙවර මෝසම් සමයේ අපේක්ෂිත වැස්ස 70% කින් පමණ අඩු වූ නිසා නාච්චාදූව ව්‍යාපාරයේ හා උඩවලව ව්‍යාපාරයේ කුඹුරු ඉඩම් සඳහා ජලය සැපයීමේදි ගැටලු මතුව ඇති බවත්, මහවැලි පද්ධතියේ ජලාශවල භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 46% ක් දක්වා අඩු වී ඇති බවත්ය .
වලව කලාපයේ භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය 12% ක් ලෙස දැක්වූ අතර , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල ධාරිතාවද 38% ක් දක්වා පහළ ගොස් ඇත.
අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූවේ ,ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වැස්සක් දිවයිනට නොලැබෙනු ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??