තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවට අනුව තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

වෛද්‍යවරයා පවසන්නේ ,එම ඉවත් කළ නිර්වින්දන ඖෂධ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ලැබී ඇති බැවින් ඒවා රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

කුමන ආකාරයකින් හෝ බාල ප්‍රමිතියෙන් තොරවූ ඖෂධ ගෙන්වීමට අවසරයක් නොමැති බවත් සෑම විටම ඖෂධ ආනයනය සිදුකරන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ප්‍රමිතීන්ට අනුව බව වෛද්‍යවරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කලේ, ඇතැම් අවස්ථාවලදී යම්  ඖෂධ භාවිතයේ දී සංකූලතා ඇති වන අතර, එවැනි අවස්ථාවන්හීදී එම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන බවත් එය සාමාන්‍යයෙන් සිදුකරන ක්‍රියාපටිපාටිය බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!