මහබැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්

Date:

ජුලි මාසය අවසන් වනවිට මෙරට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“උද්ධමනය ඉහළ යාම ගැන අවධානය වැඩිවුණේ එය 70%ක් දක්වා වැඩිවීමත් සමඟයි. සමහරු හිතුවා එය 100%ක් දක්වා ඉහළ යාවි කියලා. එහෙත් බහුතරයක් දෙනාගේ විවේචනයට ලක්වුණු දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් හැටියට අපට පුළුවන් වුණා ඉතා දැඩි මූල්‍ය කොන්දේසි හඳුන්වා දෙන්න. එහි ප්‍රතිඵලයක් විදියට මේ මාසය අවසන් වෙනකොට තනි ඉලක්කමක උද්ධමන අගයක් දකින්න පුළුවන් මට්ටමක තමයි අපි දැන් ඉන්නේ. ජුලි මාසය අවසන් වනවිට 7%ක උද්ධමනයක් තමයි පුරෝකථනය කරන්නේ. මේ මාසය අවසන් වනවිට උද්ධමනය ඊටත් වඩා අඩු අගයක් ගන්නත් ඉඩ තියෙනවා”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ වරලත් මූල්‍ය විශ්ලේෂක සමාජය විසින් සංවිධානය කරන ලද විධායක නිලධාරීන්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...