*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/23

  1. අලයන්ස් එයාර් (Alliance Air) ගුවන් සේවාව වෙතින් ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලංකාවේ යාපනය දක්වා දෛනික ජාත්‍යන්තර ගුවන් ගමන් ජූලි 16 දින සිට ආරම්භ කර තිබේ: මෙම ගුවන් ගමන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණෙයි: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් පසු, ශ්‍රී ලංකාවේ දෛනික ගුවන් ගමන් සිදුවන දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල බවට පත්වෙමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉතිහාසගත වෙයි: මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙහි සතියකට ගුවන් ගමන් 03 බැගින් සිදුවන අතර, මෙරට පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපොල වන රත්මලාන ගුවන් තොටුපොලට ජාත්‍යන්තර ගුවන් ගමන් පැමිණීමක් සිදු නොවෙයි.
  2. ලොව අඩුම ගුරුත්වාකර්ෂණය ඇති කලාපයක් ලෙස දකුණු ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති පසුබිමක් තුළ අභ්‍යවකාශ යානා ගොඩබෑම සඳහා දකුණු සාගරය වඩාත් සුදුසු බැවින් චීනයට සහ ශ්‍රී ලංකාවට “අභ්‍යවකාශ” විද්‍යාව සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චොංකිං (Chongqing) නාගරික කමිටු ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභික ආචාර්ය යුවාන් ජියාජුන් (Yuan Jiajun) වෙත දැනුම් දෙයි.
  3. 2023 සැප්තැම්බර් මස ඇතිවිය හැකි තවත් ආර්ථික අර්බුදයක් පිළිබඳ වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරී අංශයේ ප්‍රධානී මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අනතුරු අඟවයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කොන්දේසි සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අර්බුදයේ දෙවන අදියර මතුවිය හැකි බව පෙන්වා දෙයි.
  4. ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රුපියල “වලංගු මුදල් ඒකකයක්” ලෙස භාවිතා කිරීමට හැකියාව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පවසයි: මෙමඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සඳහා බාධාවකින් තොරව ව්‍යාපාරික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කරයි.
  5. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට අනුකූලව, ණය ලබා දීමේ අනුපාත ප්‍රමාණවත් පරිදි අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා සිටියි: ප්‍රමාණවත් නොවන පරිදි සහ ණය ලබා දීමේ අනුපාත පහළ දැමීම ප්‍රමාද වීම හමුවේ “පරිපාලන ක්‍රියාමාර්ගවලට යොමු වීමට” මහ බැංකුවට සිදුවනු ඇති බවට අනතුරු අඟවයි.
  6. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයේ පාලනය යටතේ පවතින කොටස් ඉවත් කිරීමට ප්‍රථම එම සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ (Life and General Insurance) ව්‍යාපාර වෙනම ආයතන දෙකකට බෙදා වෙන් කිරීමට පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සහ ලයන් බෲවරි (Lion Brewery) සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ෂා පවසයි.
  7. එළඹෙන සතියේ සිට ආනයනික පොල්තෙල් සඳහා ලීටරයකට රු. 25 බැගින් වූ බද්දක් ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  8. 2023 දෙවන පාසල් වාරයේ පළමු අදියර ජූලි 24 වන දින ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසාන වන අතර, පාසල් නිවාඩු කාලය අගෝස්තු 18 සිට 27 දක්වා ක්‍රියාත්මක වන බවට නිවේදනය කෙරේ: දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 වන දින සිට ඔක්තෝබර් 27 වන දින දක්වා ක්‍රියාත්මක වේ: තුන්වන පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 වන දින සිට නොවැම්බර් 24 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, අ.පො.ස. උසස් පෙළ විභාගය තිබෙන බැවින් නිවාඩු කාලය නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වෙයි: තුන්වන පාසල් වාර්යේ දෙවන අදියර 2024 ජනවාරි 01 වන දින සිට 2024 පෙබරවාරි 16 වන දින දක්වා ක්‍රියාත්මක වෙයි.
  9. ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සුපිරි වෙළඳසැල් සහ සතොස වෙළඳසැල් හරහා විකිණීම සඳහා අනුමැතිය ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි: ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර දැනට බේකරි සහ හෝටල් සඳහා රු. 35 බැගින් විකිණීම සිදුවෙයි.
  10. වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක එළඹෙන සඳු දින සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමට නියමිත ය: පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ජයග්‍රහණය අනිවාර්යයෙන් අපේක්ෂා කරන 02 වන ටෙස්ට් තරඟය සඳහා මධුශංක සහ අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රකට් පිල තීරණය කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan