අස්වැසුම තාවකාලිකව අත්හිටුවන්න – ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක්?

Date:

කොළඹ LNW:රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජගත් කුමාරගේ මූලිකත්වයෙන් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් මෙම ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දීමට තීරණය කර ඇති බව සඳහන්. මෙම ලිපිය බාර දීම සඳහා මූලිකත්වය ගෙන ඇති මන්ත්‍රී එස්.ඒ.ඩී. ජගත් කුමාර මන්ත්‍රීවරයා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා යි.

මෙම ලිපියට අත්සන් ගැනීමේ කටයුතු පාර්ලිමේන්තුවේ දී ගිය සතියේ ආරම්භ වූ අතර වාර්තාවන ආකාරයට ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරු 52ක් ඊට අස්සන් තබා ඇත.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මේ සඳහා අත්සන් කර ඇති බවත් අත්සන් හැත්තෑවක් පමණ ලබා ගැනීමෙන් අනතුරුව ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතයි.

රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළට සැබෑ අඩු ආදායම්ලාභීන් විශාල පිරිසක් ඇතුළත් නොවීමෙන් බරපතල ප්‍රශ්නයක් බවයි එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම කටයුත්තට ප්‍රධාන ලෙසම මැදිහත් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...