වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට පොලුවලින් ගහන්න – තිස්සකුට්ටි ජනතාවගෙන් ඉල්ලයි

Date:

අසාධාරණ ලෙස වැඩවර්ජනවල නිරතවෙමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන පුද්ගලයන්ට පොලුවලින් පහර දිය යුතු බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා. මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන පුද්ගලයන් ඇතුළු බොහෝදෙනෙකු අපහසුතාවයට පත්වන බැවින් පොලු ප්‍රහාරවලින් වර්ජකයන්ට සංග්‍රහ කළයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර ජනතාව අපහසුතාවයට පත් කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා බිත්තර ප්‍රහාරයකට ලක් වූ බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද ජනතාවගේ ප්‍රහාරයට ලක් වූ බවත් තිස්සකුට්ටි මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...