ඩයනාට එරෙහි රිට් පෙත්සම් විභාගය කල් යයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබූ අතර , පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

නමුත් ,  සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවත් , එම හේතුව නිසා එම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා බව ද විනිසුරුවරයා නියම කර ඇත .

ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වන ද සිදුකිරීමට නියෝග කෙරුණු අතර, සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඔහු පවසන්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බවයි .

එනිසා , ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...