ඇප මත නිදහස් කළ හිස්බුල්ලා ගෙදර යයි

0
338

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද ඇප මත නිදහස් කෙරිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හැරීමට පසුගිය 07 වැනිදා අභියාචනාධිකරණය නියෝග කළ අතර අදාල නියෝගයට අනුව පුත්තලම මහාධිකරණය අද ඔහුව නිදහස් කළේය.

පසුගිය 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් අතර ඉන්පසු දිගු කාලයක් රඳවා ගැනීමේ නියෝග මත රඳවා සිටියේය. ඉන්පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here