දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදේශ ඇමති හෙට(28) දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා සහ 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දෙදින නිල සංචාරයකක් සඳහා හෙට (28) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

සංචාරයට එක්වන පිරිස අතර ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද වේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔවුන් ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වන බවයි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...