අමරකීර්ති ඝාතනයට අදාළ විත්තිකරුවන් 37කට ඇප

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගම්පහ අධිකරණයේ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදීමේ නියෝගය ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනයට ලක් වූයේ පසුගිය වසරේ මැයි 09 වනදා වන අතර ,ගාලු මුවදොර අරගල භූමිය අසල එදින පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය රටතුළ ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළ අතර මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණි

තවද, මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතාද එම අවස්ථාවේ ඝාතනයට ලක්වී තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...