ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ශංකරී චන්ද්‍රන් ට

Date:

ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය ලෙස සැලකෙන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති
නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් ට හිමිව ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත “chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඕස්ට්‍රේලියානු ඩොලර් හැට දහසකි.

“chai Time at Cinnamon Gardens” යනු ඇය ගේ තෙවැනි නවකතාව යි.

අසූව දශකයේ ජාතිවාදී කෝලාහලවලින් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.

යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.

ශංකරී චන්ද්‍රන් ගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් ජාතිවාදී කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත.

BBC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...