ඇමතිට කඩුව වදුරන් අතට පත් කිරීමේ ප්‍රතිපල ලැබෙයි

Date:

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අවධානය යොමු වී තිබෙන්නේ ක්‍රිකට් ආයතනයෙන් වීසා ලබා ගැනීමට ලිපි දීමය.ඒ අතරත් ලිපි ගබා ගත් සියල්ල පසෙක ලා පෙරට ඇවිත් තිබෙන්නේ ශලිනි තාරකාය.ඇය ජනප්‍රියම නිලිය පමණක් නොව මේ වන විට ක්‍රිකට් කේෂ්ත්‍රයේ ද චමරි අතපත්තු අභිබවා යමින් ඉදිරියේ තබා කතා කරන නම වී ඇත.

අපි සාප්පුව කී විට රෙදි ගෙන මසා ඇඳ ගැනීමට තරම් දක්ෂයෝ වෙති.ඒ වගේම රජවරු වැනි අය ඉතිහාසයේදී වැරදි පුද්ගලයන්ට රැකවරණය සඳහා කඩුව දී නිරපරාදේ නැසී ගිය බව ද වාර්තා වී තිබෙන බව අපි දනිමු.ක්‍රිඩා අමාත්‍යවරයා ද කඩුව දෙන්නට මෙවැනි පිරිසක් සොයා ගෙන සිටින බව අපි බොහෝ කළෙක සිට පෙන්නා දුන්නද,ඔවුන් ප්‍රශස්ති ගයමින් ආවතේව කරමින් ඒවා නොපෙනෙන සේ නොදැනෙන සේ කටයුතු කරමින් සිටිති.නමුත් ඔවුන්ට ඒ වරප්‍රසාදවලට වඩා රහ දේවල් අපේක්ෂාවෙන් සිටින බව ද අපි මීට පෙර ද කියා ඇත්තෙමු.එවැනි රස දන්න ගොදුරකට සමීප විය හැකි බවට යම් ඉඟියක් ලැබුණ විට ඔවුන් කඩුව වනන්නේ ඇමතිගේ ගෙල ගැනවත් නොසිතාය.
ෂම්මි සිල්වා පෙන්නා දෙන්නේ ක්‍රිකට් ආයතනයට අමාත්‍යංශය විසින් එවූ ලිපිය ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ පමණක් බවය.ඒ කතාවේ ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සැරිසරන ලිපිවලට තටු ලැබුණේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් බවය.හැබැයි, “තමන් ඉව අල්ලන රහ වෙනුවෙන්” ඒ ලිපිය ප්‍රසිද්ධ කර පැතිරීම විනා අමාත්‍යවරයා ගැන හෝ සිතීම, ඇමතිගේ පැවත්මට යැයි ඔහු වට කර තබා ගෙන සිටින පිරිසට හැඟීමක්නම් නැත.

ඒ නිසා ශලිනි තාරකා තරම් ජනප්‍රිය නොවුණත් ඊලඟට නැඟී එන ජනප්‍රිය නාමයන් බවට පත් විය හැකි නම් දෙකක් දැන් අර වීසා ලිපි ගොනුවෙන් එළියට පැමිණ ඇති බවට තොරතුරු පැතිර යන්නේය.ඒ නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනාගේය.එම ලිපියේ එම නම් දෙක ඇති බවට ඉදිරිපත් වූ සාක්ෂිය මේ සමඟ ඇත.නමුත් තාත්තාලාගේ වැඩවලට දරුවන් අපකීර්තියේ කොටස්කරුවෝ විය යුතු නැති බව අපි සිතන්නෙමු.ඒ නිසා එම දියණියන් දෙදෙනාගේ රූ අපි මෙහි පළ නොකරන්නෙමු.නමුත් වීසා ලබා ගැනීමට ලිපි ශිර්ෂයක් සහිතව ලිපියක් යොමු කිරීමෙන් සිඳුවන කොළයක හානියට වඩා දෙයක් සිඳු වී ඇත්නම් අපි ඒ ගැන සළකා බලන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...