සුගත්ගෙන් පසු මීටර් 400 හොඳම කාලය කාලිංගට – Breaking News

මේ මොහොතේ ක්‍රියාත්මක 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මිටර් 400 ඉසව්වේ ජයග්‍රහණය කාලිංග කුමාරගේ ට හිමි විය.ඔහු ජයග්‍රහණය සඳහා වාර්තා කළ කාලය තත්පර 45.07 ක් විය.එය දෙවැන වන්නේ සුගත් තිලකරත්න වාර්තා කර තිබෙන තත්පර 44.61 ක් වූ ශ්‍රී ලංකා වාර්තාවට පමණය.මේ දක්වා එම ඉතිහාසයේ සිව්වන තැන සිටි අරුණ දර්ශන,ඔහුට ඉදිරියෙන් සිටි ප්‍රසන්න අමරසේකරගේ කාලය වූ තත්පර 45.47 අභිබවා තත්පර 45.45 ක් වාර්තා කරන්නට සමත් විය.ඒ අනුව දර්ශණ, කාලිංගගේ ඉහළ ඒමෙන් රොහාන් ප්‍රදීප් කුමාර තෙවන තැනට පත් වුව ද,ප්‍රසන්න අභිබවා යාමට හැකි වීම නිසා තව දුරටත් ඉතිහාසයේ මීටර් 400 හොඳම කාලය වාර්තා කිරිම්වල සිව්වන තැනම රැදෙන්නට සමත් වන්නේය.

රාජිත රාජකර්ණා තෙවැනි තැනට පත් වූ අතර පබසර නිපූ පසවන තැනට පත් කරමින් පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ දිනුක දේශාන් (තත්පර 46.46) වාර්තා කර සිව්වැන්නා විය.පබසර 46ත57 ක් දක්ෂතාවයක් දැක් වූ අතර රාජිත 46.32 ක කාලයක් වාර්තා කරන්නට සමත් විය.කාලිංග ගේ කාලය ජාතික සූරතාවලියේ නව වාර්තාවක්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...