*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

සුගත්ගෙන් පසු මීටර් 400 හොඳම කාලය කාලිංගට – Breaking News

මේ මොහොතේ ක්‍රියාත්මක 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මිටර් 400 ඉසව්වේ ජයග්‍රහණය කාලිංග කුමාරගේ ට හිමි විය.ඔහු ජයග්‍රහණය සඳහා වාර්තා කළ කාලය තත්පර 45.07 ක් විය.එය දෙවැන වන්නේ සුගත් තිලකරත්න වාර්තා කර තිබෙන තත්පර 44.61 ක් වූ ශ්‍රී ලංකා වාර්තාවට පමණය.මේ දක්වා එම ඉතිහාසයේ සිව්වන තැන සිටි අරුණ දර්ශන,ඔහුට ඉදිරියෙන් සිටි ප්‍රසන්න අමරසේකරගේ කාලය වූ තත්පර 45.47 අභිබවා තත්පර 45.45 ක් වාර්තා කරන්නට සමත් විය.ඒ අනුව දර්ශණ, කාලිංගගේ ඉහළ ඒමෙන් රොහාන් ප්‍රදීප් කුමාර තෙවන තැනට පත් වුව ද,ප්‍රසන්න අභිබවා යාමට හැකි වීම නිසා තව දුරටත් ඉතිහාසයේ මීටර් 400 හොඳම කාලය වාර්තා කිරිම්වල සිව්වන තැනම රැදෙන්නට සමත් වන්නේය.

රාජිත රාජකර්ණා තෙවැනි තැනට පත් වූ අතර පබසර නිපූ පසවන තැනට පත් කරමින් පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ දිනුක දේශාන් (තත්පර 46.46) වාර්තා කර සිව්වැන්නා විය.පබසර 46ත57 ක් දක්ෂතාවයක් දැක් වූ අතර රාජිත 46.32 ක කාලයක් වාර්තා කරන්නට සමත් විය.කාලිංග ගේ කාලය ජාතික සූරතාවලියේ නව වාර්තාවක්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan