චීනයේ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ යයි; මෙවරත් උපාධිධාරීන් මිලියන 11.5කට අධික පිරිසක් රැකියා වෙළඳපොළට ප්‍රවේශ වේ

චීන රජය උපාධිධාරීන් ග්‍රාමීය සංවර්ධනය හා අධ්‍යාපනය වෙනුවෙන් යොමු කීරීමට උත්සහ කරනු ලැබුවද තරුණ පිරිස එයට එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ.

චීනයේ තරුණ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතින අතර පසුගිය ජූනිමස එළිදක්වන ලද නිල සංඛ්‍යා දත්තයන්ට අනුව නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 16 සිට 24 දක්වා වයසේ පසුවන අයගෙන් 21.3%ක් විරැකියාවෙන් පෙළේ.

ආර්ථික විද්‍යාඥයන්ට අනුව සත්‍ය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට අර්ථකතන ඉදිරිපත් වේ.

කෙසේ නමුත් මෙම ගිම්හානයේද සිසුන් මිලියන 11.5 කට වැඩි පිරිසක් උපාධි ලබා ගෙන රැකියා වෙළඳපලට ප්‍රවිශ්ට වීමට අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් මේ වන විට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ උපාධි වැදගැම්මකට නැති බවට හාස්‍ය එක් කරමින් පවතියි.

ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියේ සිට මන්දගාමී ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ තරුණ උපාධිධාරීන්ට සම්ප්‍රදායිකව රැකියා ලබා දුන් කර්මාන්ත කෙරෙහි රජය විසින් කරන ලද මර්දනය ඉහළ රැකියා විරහිත අනුපාතයක් ඇති වන්නට හේතු වී තිබේ.

මේ වන විට චීන රජය උපාධිධාරීන් ග්‍රාමීය සංවර්ධනය හා අධ්‍යාපනය වෙනුවෙන් යොමු කීරීමට උත්සහ කරනු ලැබුවද තරුණ පිරිස එයට එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. එයට ප්‍රධාන හේතුව ඔවුන් මේ වන විටත් ඉහළම සුදුසුකම් සපුරා තිබීමත්, ප්‍රවාහන ගැටලු හා සමාජ පිළිගැනීම පිළිබඳ ආකල්පයන් බවත් මාධ්‍ය සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...