*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ඔරිජිනල් අමතක කරවන ආධුනිකයෝ!

Britain’s Got Talent කියන්නේ දක්ෂයන් සොයා යන ගමනේ සංධිස්ථානයකි. ආධුනික තරඟකරුවන් ඔවුන්ගේ ගායනය, නැටුම්, හාස්‍ය සහ නව්‍යතා ක්‍රියා ප්‍රසිද්ධ විනිශ්චයකරුවන් කිහිපයක් ඉදිරියේ සහ රට පුරා සිටින ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම මඟින් ඔවුන්ගේ දක්ෂතාවන්ට යම් ඇගයීමක් ලබා දීම මෙම වේදිකාවෙන් සිදු කෙරේ.

අද කියන්න යන්නේ මේ Got Talent වේදිකාවෙන් බිහි වූ ප්‍රවීණයන්ට අභියෝගයක් වූ තරුවක් ගැන කියන්නයි.

1988 වසරේ උපත ලද ඔහු නමින් Calum Scott ය. 2015 අප්‍රේල් මාසයේදී Britain’s Got Talent සඳහා තරඟ කිරීමෙන් පසු එහි දී ලත් ප්‍රතිචාර මධ්‍යයේ ඔහු ප්‍රසිද්ධියට පත් වීමට සමත් විය.


එහිදී ඔහු Robyn ගේ “Dancing on my own” හි ඔහුගේ අනුවාදය ඉදිරිපත් කළ අතර ඔහුට ගෝල්ඩන් බසර් එක ලබා ගැනීමේ වාසනාව ද හිමි විය. David Walliams, Alesha Dixon, Amanda Holden, Simon Cowell විනිශ්චය මණ්ඩලයෙහි සිටි අතර ඔවුන් මවිත කිරීමට Calum ගේ දක්ෂතාවයට හැකි විය.



තරඟයේ හයවන ස්ථානයට පැමිණීමෙන් පසු ඔහු ඊළඟ වසරේ ඔහුගේ තනි ගීතයක් ලෙස එම නිර්මාණය නිකුත් කළ අතර, එය එක්සත් රාජධානියේ චාර්ට්ස් වල දෙවන ස්ථානයට පත් වූ අතර 2016 ගිම්හාන ඍතුවේ බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම අලෙවි වූ ගීතය බවට ද පත්විය.

Robyn ට අභියෝගයක් වූ Calum දැන් Dancing on my own කියන ගීතය ඇසුන ගමන් ආහ්! Calum Scott ගේ ගීතය නේද කියන තැනට පත්ව හමාරය.

ඔබ දැන් වුනත් Google කරල බලන්න Dancing on my own කියලා.. ඔබට මෙන්න මෙහෙම දසුනක් දැකගන්න පුලුවන්!

අද ආධුනිකයෝ ප්‍රවීණයන් අමතක කරවන තරමට දියුණු සහ දක්ෂතාවෙන් පිරිපුන් අය වී හමාරය. ඔවුන් අපට දැන් කාලෙට අනුරූප විදියට සංගීතය මොඩිෆයි කර දෙමින් සංගීතයේ රස මොකක්ද? සංගීතය යුගයෙන් යුගයට වෙනස් විය යුත්තේ කෙසේ ද? මිනිස්සුන්ට දැනෙන කෙනෙක් වෙන්නේ කොහොමද? කියන සියල්ලම ඔලුවට අරන් ක්‍රියා කිරීම ම ඔවුන්ගේ දක්ෂතාවයට හේතු වේ.

Calum ගේ හඬ ඔහුට ලැබුණ ආභරණයක්! ඔහුගේ ඉදිරිපත් කිරීම නරඹන විට ප්‍රේක්ෂකගාරය සංවේදී වන ආකාරය පමණක් නොව විනිශ්චය මණ්ඩලය වුවද මවිතයට පත් වූ ආකාරය ඔබත් නැරඹිය යුතුමය.

හරියට;
කොහෙ යන්න ද මා… ඔය දෑතෙන් දැන් මිදිලා….. කියලා භාචි සුසාන් අපේ හිතට දැනෙන්න කියන සිංදු වගේ. Calum දෙන්නෙත් හිතට වදින්නමයි. භාචි ලා Calum ලා වගේ දක්ෂයන් අතර තවමත් කරළියට ආවෙ නැති දක්ෂයොත් හැංගිලා ඇති. ඒ වගේ අයට අත දෙන්න තියෙන මෙවැනි වැඩසටහන් අපි අගය කළ යුතුය.

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan