CNN ආයතනයට එරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 475ක අපහාස නඩුව ඉවතට

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමාට අපාහස කළායැයි යන චෝදනා මත 2022 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 475ක් ඉල්ලා ගොනු කරන ලද අපහාස නඩුව ඉවත දමා ඇති බව වාර්තා වේ.

CNN ආයතනය විසින් 2020 මැතිවරණය පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් ගෙන ඇඩොලොෆ් හිටිලර් හා සසඳමින් මහා බොරුව ලෙස විකාශය කරන ලද අවස්ථාවන් පහක් මෙහිදී ට්‍රම්ප් විසින් ඉස්මතුකර ති‌බේ.

පැමිණිලිකරු සහ නූතන ඉතිහාසයේ වඩාත්ම පිළිකුල්සහගත චරිතයක් අතර සම්බන්ධයක් එහි ප්‍රේක්ෂකයින් වෙත ප්‍රචාරය කිරීමට CNN විසින් හිතාමතා කරන ලද උත්සාහයක් ලෙස ට්‍රම්ප් සිය නඩුව ගොනුකර තිබිණි.

නමුත් මෙය විභාගයේදී ෆෙඩරල් විනිසුරුවරයෙකු වු රාග් සිංහාල් පැවසුවේ එය CNN හි ප්‍රකාශයන් පිළිකුල් සහගත වුවද, අපහාස හිමිකම් පෑමට ලක්විය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් අභියාචනයක් ඉදිරිපත් කරන්නේද යන්න පැහැදිලි නොවන අතර 2015 දී ඔහුගේ පළමු ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කළ දා සිට, තමා අකමැතිම මාධ්‍ය ආයතනයන්ට පහර දීම ඇරඹු අතර CNN ආයතනයට පහර දීම ඔහුගේ ප්‍රියතම එකක් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණේ.

සශිකලා මධුෂාණී_outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...