ආයුර්වේද යුවළට ජපානයෙන් ලැබුණු සම්මානය

Date:

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.

මුදල් ඉපයීම පරමාර්ථයෙන් තොරව ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන්ම වූ නිර්මාණයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාච්චි සහ මාලී විතානාච්චි යන දෙපලට එකී ගෞරව සම්මානය පසුගියදා ජපානයේ දී පිරිනමා ඇත.

රෝගවලින් ආරක්ෂාවීම සදහා ආයුර්වේදයට අනුව කරනු ලබන්නාවු පූර්ව කර්ම සහ පංචකර්ම ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීම්, ඖෂධ පැලැටි සංරක්ෂණය, පැරණි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ලද උපකාරක, පොත්පත් ආදිය ඇතුලත් මයියංගන දඹාන ආයුර්වේද කෞතුකාගාරය විෂය සම්බන්දයෙන් දැනුම ලබාගැනීමට දෙස් විදෙස් පරිශීලකයන්ට කදිම තෝතැන්නකි.

මෙරට තුල කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හෝ අවදානයක් ලැබී නොමැති වටපිටවක ජපන් පදනමක් මගින් ගෞරව සම්මානයක් පිරිනැමීම පිළිබඳ මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...