*
Monday, September 30, 2024
spot_img

Latest Posts

2048 වෙනකම් දුක්විදින්න බැහැ. අපි වසර තුනෙන් රට හදනවා – පාඨලී

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අනුව රට දියුණු වන්නේ 2048දී වන අතර එතෙක් වසර 25ක් ජනතාවට දුක්විඳිය නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එහෙත් තමන් ප්‍රමුඛ කණ්ඩායමට වසර තුනක් තුළ රටේ මූලික ප්‍රශ්න 03ක් විසඳිය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සොරකම නවතා රාජ්‍ය කාර්යක්ෂමතාව ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සොරකම නැවතීම සහ රටේ ධනෝත්පාදනය අතර වෙනස නොදන්නා අයට රටක නායකයන් විය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඖෂධ සහ රෝහල් සේවයේ ගැටළුව,ආහාර ප්‍රශ්නය සහ බලශක්තිය, ප්‍රවාහනය සහ විදුලිබලය පිළිබඳ ප්‍රශ්නය වසර තුනක් තුළ විසඳන බවයි ඔහු පවසන්නේ.

”කොහොමද එහෙම විසඳන්නෙ. පළමුවෙන් ම අපි මේ රටේ වෘත්තීයවේදීන්ට විශ්වාසයක් දෙන්න ඕනෙ. බලාපොරොත්තුවක් දෙන්න ඕනෙ. ඒ බලාපොරොත්තුව තමයි මේ රට අපි හදනවා ය කියන බලාපොරොත්තුව. ඒ නිසා තමයි එක්සත් ජනරජ පෙරමුණේ සාම්ප්‍රදායික කොළ, නිල්, රතු දේශපාලකයෝ වෙනුවට වැදගත් වෘත්තීයවේදීන් පිරිසක් මේ නායකත්ව මණ්ඩලයේ වාඩි වෙලා ඉන්නෙ.

අපි ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ආදිය කරලා පෙන්වලයි ආවේ. අනාගතය ඉදිරියට ගෙන යන්න නම් නව මං මාවත් අපට අවශ්‍ය වෙනවා. සමහරු කියනවා හොරකම නතර කළා ම රට ඉබේ ම ගොඩ යනවා කියලා. හොරකම සම්පූර්ණයෙන් ම නතර කරන්න ඕනෙ. හොරකම් නැතිව අමාත්‍යාංශ කරන හැටි මේ රටට 2007 සිට පෙන්වලා දුන්නෙ අපි. අපිට නොයෙක් තැන් වල මඩ ගහන්න නොයෙක් දේ කිව්වට අපේ අමාත්‍යාංශ ගොඩ ගියේ, ලාභ ලැබුවේ, රාජ්‍ය ආයතන ගොඩ නැගුණේ අපි එක තඹයක් වංචා නො කොට කටයුතු කළ නිසයි. ඒ ආදර්ශය අපි රටට දීලා තියෙනවා. අපි අභියෝගාත්මක ව කියනවා පුළුවන් නම් එක රාජ්‍ය ආයතනයක් හදපු පුද්ගලයෙක් අත උස්සන්න කියලා ඔය රට හදනවයි කියන පක්ෂවල අයට. ඒගොල්ලෝ එහෙම දේවල් කරලා නෑ ප්‍රායෝගික ව. අපි ප්‍රායෝගික ව කරලයි මෙතන ට ඇවිල්ලා තියෙන්නේ.

හොරකම නතර කිරීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය කාර්යක්ෂමතාව අත්‍යවශ්‍යයි. හැබැයි රට ඉදිරියට යන්න නම් ආර්ථික උපාය මාර්ගයක් තියෙන්න ඕනෙ. රටේ ධනෝත්පාදනය යි, හොරකම නවත්තලා රටේ රාජ්‍ය ස්ථාවරත්වය හදන එකයි අතර වෙනස දන්නෙ නැතිව කොහොමද රටේ නායකයෝ වෙන්නෙ? අපේ ධනෝත්පාදන මාර්ගය තමයි වැඩි ම පීඩනයක් දරා ගෙන ඉන්න තරුණ පරපුරට තාක්ෂණය පැත්තෙන් දැවැන්ත ඉදිරි පිම්මක් පනින්න අවශ්‍ය දැනුම ලබා දෙන එක. තමිල්නාඩුව තාක්ෂණය හරහා ලබා ගත් දැවැන්ත විප්ලවීය පරිවර්තනය මේ රටටත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හෝමාගම තාක්ෂණ නගරය හැදුවේ 80000ක් අපේ දරු දැරියෝ පුහුණු කරලා අපේ රටට ගේන්න. අපි බැලුවා පේරාදෙණියට, කිලිනොච්චියට, මාතරට යන්න මේ තාක්ෂණ නගර සංකල්පය හරහා. නූගත් දේශපාලනයක ප්‍රතිඵල නොවෙන්න අද වෙන කොට ඒ පිම්ම අපට පනින්න පුළුවන් වෙලා.”

රාජපක්ෂවරු බලයට ගෙන ඒම සඳහා පුටින් ලා, දුටුගැමුණු ලා, ධර්මපාල ලා කියා ජනතාව රවටලා රට බංකොලොත් කළ අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. .

”මෙතනින් රට ගලවා ගන්නේ කොහොමද? මේ රටේ නැවතත් ස්වෛරී නිදහස ලබා ගන්නේ කොහොමද? රට මේ ණය බරින් මුදා ගන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තිබෙන වැඩපිළිවෙළ? ජනාධිපතිවරයාගේ ලියවිල්ල අනුව මේ රට මෙතනින් ගැලවෙන්නෙ 2032 දි. එතුමාට අනුව මේ රට දියුණු රටක් බවට පත් වෙන්නේ 2048 දි. ඒ කියන්නෙ තව අවු. 25 කින්. එහෙම නම් එච්චර කාලයක් අපි ට දුක් විඳින්න පුළුවන් ද?

අද අපේ විහාරස්ථානවලට දානය ලබා දෙන්න නොහැකිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර යාමේ ප්‍රවණතාවක් තිබෙනවා. ආරක්ෂක හමුදාවල ගිය වසරේ පමණක් 26000 ක් සෙබළු තමන්ගේ බත් පත අත හැරලා ගෙදර ගිහින් තිබෙනවා. ඇයි ඔවුන්ට අවශ්‍ය ආහාර ටික මනුෂ්‍යයො විදියට ලබා දෙන්න මේ රට අසමත් වීම නිසා. කතාවට රණවිරුවා උඩින් තියාගෙන හිටියාට රණවිරුවාට තුන් වේල කන්න දෙන්න බැරි නිසා බොහෝම දුක්ඛිත තත්ත්වයට අපේ සෙබළු පත් වෙලා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan