අනු සූරියෝ සූරියෝ පරදවති

Date:

කාන්තා ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට සිඳු විය.ඒ ආසියානු අනු සූරියන් වෙතින්ය.ආසියානු අනු සූරියන් වූ ශ්‍රී ලංකාව තරගයේ මුල් කාර්තුවේදී ලකුණු 19 -1 0 ක් ලෙස අභිබවා යන්නට සමත් වූ සිංගප්පූරුව තරගයේ එම වාසිය මත ජයග්‍රාහී අවසානයක් කරා යන්නට මාවත සකසා ගත්තේය.

දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 17 ක් ලබමින් සිංගප්පුරු ලකුණු පූවරුව 7 රඳවා ගනිමින් 27 – 26 ක් ලෙස දෙවන කාර්තුව නිමා වන විට සමස්ත ලකුණු පූවරුව සකසා ගත්තද යළි තෙවන කාර්තුවේදී ලකුණු 13 – 16 ක් ලෙස ද,තෙවන කාර්තුවේදී ලකුණු 12 -13 ක් ලෙස ද ශ්‍රී ලංකාව අභිබවා ගිය සිංගප්පූරුව තරගය නිමාවන විට 55 – 52 ක් ලෙස ශ්‍රී ලංකාව අභිබවා යන්නට සමත් විය.

සිංගප්පූරුව මෙම තරගාවලියට පිවිසෙන්නේ මාසයකට ආසන්න කාලයක් දකුණු අප්‍රිකාවේ තරගවලට සහභාගි වෙමින් ලද අත්දැකීම් සමඟය.එම අත්දැකීම් සහ පරිසරය ද,ඒ නිසා ලැබුණ වේගයද අතින් ඉදිරියක් දකින්නට තිබුණ අතර එම ප්‍රවේගකාරීත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය බවට පත් වී සිටින තර්ජනී සිවලිංගම්ගේ ක්‍රියාකාරීත්වයට තිරිංග වැටී තිබෙන බවක් දැකින්නට තිබිණ.ඇය සාමාන්‍ය වශයෙන් පන්දු විදීම්වල ප්‍රතිශතය සියයට 90 ඉක්මවා රඳවා ගන්න ක්‍රීඩිකාවක් වුව ද,මේ තරගයේදී තර්ජනීගේ නිවැරදි එල්ලය ලබා ගැනීම සටහන් වූයේ 81.5% ලෙස ය.ඇය ලැබුණු අවස්ථාවන් 27 න් 22 ක් පමණක් සාර්ථක කර ගත්ත අතර පළමු කාර්තවේදී අසාර්ථක වීම ශ්‍රී ලංකාවට තදින්ම දැණින.

මේ තරගාවලියේ අලුත් දැල විදීමේ බලාපොරොත්තුව බවට පත් වෙමින් නැඟෙන තිසාලා අල්ගම උත්සාහයන් 31 ක් තුළ ලකුණු 28 ක් ලබා දුන්නාය.සේමිනි අල්විස් තමන්ට ලැබුණ අවස්ථා දෙකම සාර්ථක තර ගත්තාය.අප මීට පෙරද සටහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ නෙට්බෝල් හැකියාව ආසියාවෙන් එපිටට රැඟෙන යාම නොව ආසියාව තුළම අභියෝගයට ලක් වීමට බලපෑ කාරණක් වන්නේ ද,ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම්වලට ඇති අඩු ඉඩය.අප මේ බව මීට දින කිහිපයකට පෙර සටහන් කළෙමු.

https://sinhala.lankanewsweb.net/07/30/63935/


වේගය සහ ආක්‍රමණය අතින් ශ්‍රී ලංකාවේ ගමන් මඟට වැඩිම බලපෑම කරමින් තරගය සිංගප්පුරුවට නතු කර දීමේ මෙහෙයුමේ කාර්යය සිදු කිරීමේ වැඩි වගකීමක් දැරූ ක්‍රීඩිකාව ලෙස තරගයේ වීරවරිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සිංගප්පූරු ගෝල් ඩිෆෙන්ස් ක්‍රීඩිකා ජැමී ලිම් ය.ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට අවස්ථා 60 ක් ලැබුණ අතර එයින් 52 ක් පමණක් සාර්ථක කර ගැනීමට සමත් විය.සිංගප්පූරුව අවස්ථා 65 ක් ලබා ගෙන අවස්ථා 55 ක් සාර්ථක කර ගත්තේය.මෙහිදී ශ්‍රී ලංකාවේ සාර්ථක වීම සියයට 86 ට වැඩිය.සිංගප්පූරුවේ සියයට 84 ට වැඩිය.එසේනම් දැල විදීම තර්ජනීගේ සිදු වූ යම් පසුබැසීමක් මත වුව ද අසාර්ථක වී නැත.
මෙහිදී සාර්ථක වීමේ ප්‍රතිශතයට වඩා සළකා බැලිය යුත්තේ ශ්‍රී ලංකාවට වඩා වැඩි අවස්ථාවක් ලකුණු ලබා ගැනීමට සිංගප්පූරුව අවස්ථාව දිනා ගැනීමය.වාසිය බවට පත් වී ඇත්තේ ඒ වැඩි අවස්ථා ප්‍රමාණයය.ඒ සඳහා ශ්‍රී ලංකාවේ පන්දුව කණ්ඩායමක් හැටියට හුවමාරු කර ගැනීමේදී දැක් වූ දුර්වලතාවයන් බල පෑ බව පිළිගත යුතුය.අද සිම්බාබ්වේ තරගයේදී සෙන්ටර් ක්‍රීඩිකාවගේ සිට තමන්ට ලැබෙන සියලු අවස්ථාවන් ප්‍රතිවාදී දැල ආක්‍රමණය දක්වා රැඟෙන යාමට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය රඳවා ගනිමින් නිවැරදි එලලය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය යුතුය.එසේම ප්‍රතිවාදී සෙන්ටර් ක්‍රීඩිකාවගෙන් පන්දුව තමන්ගේ දැල වෙත ආක්‍රමණය පිණිස එන ගමන අතරමඟ බිද දැමිය යුතුය.

මෙම ක්‍රියාවලිය සාර්ථක වන්නේ සහ ශක්තිමත් වන්නේ වැඩි වැඩියෙන් තරග වැදීම තුළය.ඒ තරග වැදීම ජාත්‍යන්තර මට්ටමෙන් සිදු විය යුතුය.අප පෙන්වා දෙන්නේ නෙට්බෝල් ආදරය වෙනුවෙන් මැදිහත් වීමේදී වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ජීවිතයකිරා මැන බැලීමට වඩා, විමසිල්ලෙන් ඔවුන්ගේ දක්ෂතා ගැන සැළකිල්ල යොමු කිරිමටය. එසේම ඒවා වර්ධනය කර ගැනීමට අවශ්‍යය මාර්ග යෝජනා කිරීමකටය.පරාජය අනුමත කළ නොහැකිය.නමුත් ඊට වඩා අදාළ වන්නේ පරාජය වන්නේ කෙසේද යන්නත් පරාජයට හේතු වූ සාධක සළකා බැලීමේදී රටක් හැටියට අප සිටන පසුගාමී තැනත්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...