*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ජාතික ක්‍රීඩා දින ඇමතිගේ පුරසාරම්

ජාතික ක්‍රීඩා දිනය වෙනුවෙන් මහරගමදී පැවති උත්සවයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සිය ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා විශාල වචන මාලාවක් යොදා ගත්තේය.එහිදී ඔහු ක්‍රීඩා ගැන කළ ඇතැම් කතා සීතාම්බර සළු ඇඳගෙන සභාව මැද්දෙන් ඇවිද ගිය ගාණට සමානය.ඔහු මේ තත්ත්වයට තනිව වගකිව යුතු නැත.විශේෂයෙන් ඔහු වටා තමන්ගේ ක්‍රීඩාවන්වලින් ප්‍රතික්ෂේප වූ මිනිසුන් උපදේශකයින් ලෙස කටයුතු කිරීමත්,එසේම අමාත්‍යවරයා කුමන හෝ හේතුවක් නිසා අකමැති පරිපාලකයන්ට එරෙහිවන, ඕනෑම තරාතිරමක අයෙක් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපක් වන බව ප්‍රසිද්ධ රහසක්ව තිබීමත් මේ කතා එසේ දැනෙන්නට තදින්ම බල පෑවේය.
පාපන්දු තහනම ගැන ඔහු බොහෝ දේ කීවේය.නමුත් එහිදී පාපන්දුව තහනම් වුණේ ඔහු නිසාය.නැතිනම් ඔහුට ලැබුණ වැරදි තොරතුරු නිසාය.අද අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර පවසන නිලවරණයේදී සැළකිල්ලට නොගත් ව්‍යවස්ථාවට අනුව එදා නිලවරණය පැවත් වූවේනම් පාපන්දු ජාත්‍යන්තර තහනමකට ලක් නොවන්නේය. ඇත්ත එසේ විය.

දේශපාලන බලපෑම් හැටියට අරුත් ගැන්වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නොසළකා එසේ කටයුතු කිරීමය.පාලන්දු පරිපාලනයේ සියල්ල එකතුව ඉදිරියට කටයුතු කරන බව ෆිෆා වෙත දැනුම් දුන්නද ඔවුන් අවසානයේ බලාපොරෙතේතු වූයේ තමන්ගේ නිර්දේශය ලද පාපන්දු ව්‍යස්ථාව අනුව කටයුතු කරනවාද නැද්ද යන්නය.ඒ නිසා ඇමතිවරයාට ජාත්‍යන්තරය අභිබවා යමේ උවමනාව ඉටු කර ගන්නට නොහැකි වූ අතර අවසානයේ ගැසට් නිවේදනයක් නිකුත් කර එම ව්‍යස්ථාවට අනුව වැඩ කරන රටට පමණක් නොව ලෝකයටම කියන්නට සිදු විය.

ඔහු මලල ක්‍රීඩා සංගමය ගැන ද කතා කරමින් දැන් තමන් කියන දේ ටිකක් අහන බව පැවසීය.තමාට උපදෙස් දෙන අපූරු කේවට්ටයන් විසින් අධ්‍යාපන චක්‍රලේඛ නොසළකා කටයුතු කරමින් මලල ක්‍රීඩා සංගමයේ තින්දුවලට එරෙහිව වැඩ කිරීමට යාම නිසා අධ්‍යාපන ඇමතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයාට හොඳට කියූ බව අපි දනිමු.ඒ ඇතැම් පදක්කම් රටට ගෙනා යොවුන් පදක්කම්ලාභීන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය නොව මලල ක්‍රීඩා සංගමයද වගකීමෙන් වැඩ නොකළ බව අපි දනිමු.එසේම මලල ක්‍රීඩා පදක්කම්ලාභින්ට අඩුම තරමේ තමන්ගේ ආහාර වේල පුහුණු වන තැන්වලට ලැබෙන්නට සළසවන්නට සිය නිලධාරින් ක්‍රියා නොකිරීම ගැන හොයා බලා තීරණ දෙන්නට අසමත් වූ අමාත්‍යවරයා එක් තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මලල ක්‍රීඩා සංගමයට දැක් වූ අනුග්‍රහය තවම ලබා දෙන්නට කටයුතු කර නැති බවත්,පදක්කම් ගේන්න යන සංචාරවලට බාධාවන විදිහට ඒ දේවල් කිරීම මලල ක්‍රීඩා උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීම ලෙස අමාත්‍යවරයා සිතා සිටින්නේද යන්න විමසා බැලිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද ඕස්ට්‍රේලියා ලෝක කුසලාන සංචාරයේදී කටයුතු කළ ආකාරයට ඕනැවට වඩා පහර දීමට අමාත්‍යවරයා සමීපයේ සිටින ඇතැම් අයට ඕනෑකම් තිබුණ බවද අපි කීවෙමු.විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සුහද අවවාදයක් දෙන තරමට අමාත්‍යවරයා එ සමීපතමයන් වෙනුවෙන් මැදිහත් වන්නට ගිය බවද අපි දනිමු.නමුත් වීසා සඳහා දුන් ලිපි යොදාගෙන ක්‍රිකට් ආයතනය මුදල් යොදා සංචාරයට එක් කර ගත් බව කියන නාම ලේඛණයේ මුදල් දුන් බවට සඳහනක් නැත.එම ලේඛණය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රිකට් වෙත එන අතරමඟදී විසිර යන්නේ ද ඇමතිවරයාම දන්නා පිරිසකගෙන් විය යුතුය.දැන් අලුත්ම තත්ත්වය තමන්ගේ අවශ්‍යයතා වෙනුවෙන් ඇමතිට සමීපව සිටින අයට තමන්ගේ අරමුණු මිස ඇමති හෝ ඔහුගේ පෞද්ගලික ජීවිතය පවුලේ සමීපතමයන් අදාළ නැති බවය.එම නාම ලේඛණයේ අමාත්‍යවරයාගේ දූවරුන්ගේ නම් ද ඇත.

එසේම එල්පීඑල් තරගාවලියට නීත්‍යාණුකූලව මිට පෙරද අමාත්‍යවරුන්ගේ අවසරය ලබාගෙන නැති බව පෙන්වූ අමාත්‍යවරයා මෙවරද එය ලබා ගෙන නැති බව පැවසීය.එසේනම් එසේ ලබාගෙන නොමැත්තේ ඇයිද යන්න හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසා බැලිය යුතුය.ඔවුන් අවසර ලබා නොගත්තද එල්පීඑල් අවස්ථාවන් නියෝජනය කළේ කුමන හේතුවක් මත ද යන්න එහිදී පවසනු ඇත.ඒ සියල්ල පවසා තමන් ආරමභයට සහභාගි නොවී සිටීම ගැන පැවසීම හේතුවක් නැති කතාවක් වන අතර අඩුම තරමේ මාසයක කාලයක් තුළ අමාත්‍යවරයාට අමාත්‍යංශයට සහ තමන්ට තරගාවලිය යටත් කර ගන්නට උපදෙස් දුන් පිරිස් ඊට පෙර එසේ අවසර ලබා නොගැනීමට හේතු වූ කාරණා සොයා බලා උපදෙස් දී නැත.ඒ නිසා ක්‍රීඩා පණත මත ‘ඇමති රජුය” යන මිත්‍යාවේ ගිල්වා තමන්ගේ අරමුණු ඉටු කරවා ගන්නට බලන පිරිස කියන දේ ගැන සිතනවා විනා, ඒ ගැන ප්‍රසිද්ධියේ කීමෙන් තමන්ට ලාභයක් අත්වන්නේ නැති බව තේරුම් ගැනීමට අමාත්‍යවරයාට හැකියාව නැත.

කෙසේ හෝ ක්‍රිකට් සම්බන්ධයෙන් තමා සිර වී සිටින තැන දැණුන නිසා හෝ අමාත්‍යවරයා මේ ජාතික ක්‍රීඩා දින කතාවේදි පවසන්නේ ක්‍රිකට්වල ලොකු සල්ලියක් ඇති නිසා එයට වහ වැටුණු ඇතැම් ක්‍රිකට් හී නිරත පිරිසක්ද දේශපාලකයන්ද එයට කෙළ හලන බවය.මේ දේ හරියටම ඇත්ත තේරුම් ගෙන කී වේනම් අමාත්‍යවරයාට සිහි බුද්ධියෙන් කල්පනා කර නැවත මුල සිට ක්‍රීඩාවේ මැදිහත්වීම් ගැන සිතන්නට සිදු වන්නේය.ඔහු කියූ එක හොඳක් වන්නේ ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු ගැන පැවසීමය.ක්‍රීඩාවේ විවිධ තනතුරු දරමින් ක්‍රීඩා අමාත්‍යංශයේ චර්යාව මෙන්ම එයින් පිටත් ඇති ක්‍රීඩා සංගම් සම්මේලන ගැනත්,ජාතික ඔලිම්පික් කමිටුව ගැනත් අත්දැකීම් ඇති ආචාර්ය ෂෙමාල් ගේ හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් ලබා ගත හැකිනම් එයනම් ඉදිරියට වැදගත් වනු ඇත.එසේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ ද ක්‍රීඩා සමඟ හැසිරීම ක්‍රීඩාවට කරන හරිය දන්න තවත් නිලධාරි ගැනද අමාත්‍යවරයා බලාපොරොත්තු තබාගෙන සිටින බව මේ කතාවේදී අසන්නට ලැබීම බොහෝ විට ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව නිවැරදි තැනකට ගෙන එන්නට හේතු විය හැකිය.එහෙත් සුදුස්සන් පුටුවලට සීමා කර ඇමතිවරයා තමන්ගේ පුටුවේ සිට කරන වැඩ නිස්සන්ගේ උපදෙස් මත කරන්නට ගියහොත් ඒ බඳවා ගැනීම්වලින් වැඩක් නොවිය හැකිය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan