සුප්‍රසිද්ධ  මාධ්‍යවේදියෙකු ලන්ඩනයේදී විදුලි දුම්රියක ගැටෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ විමල් සොක්කලිංගම් මහතා සුප්‍රසිද්ධ දෙමළ මාධ්‍යවේදියෙකු වේ.

අවසනාවන්ත ලෙස අගෝස්තු 2 දා සොක්කලිංගම් මහතා ලන්ඩනයේදී, විදුලි දුම්රියක ගැටීම නිසා  මියගොස් ඇති බව වාර්තා වේ.

පසු කාලීනව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයකම මාධ්‍යවේදියෙකු වශයෙන්  කටයුතු කොට ඇති සොක්කලිංගම් මහතා , මිය යනවිට 76 වෙනි වියේ පසු විය.

ඔහු ලන්ඩනයේ පදිංචිව සිටින නිවසේ සිට ශාරීරික ව්‍යායාම කිරීම පිණිස බැහැරට ගොස් සිටි අවස්ථාවේදී විදුලි දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අභාවප්‍රාප්ත විමල් සොක්කලිංගම් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක්ද යාපනයේ සංවිධානය කොට තිබුණු අතර , සොක්කනාදන් මහතාගේ අවසන් කටයුතු  5 වෙනි සෙනසුරාදා ලන්ඩනයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...