*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

සිංගප්පූරුවෙන් වාඩුව ගන්න ශ්‍රි ලංකාවට අවස්ථාවක් – කේප් ටවුන් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරන්නට ඉඩ ඇත

ලෝක කුසලාන නෙට්බෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාවට ආසියානු සූරතාවයේ ගෞරවය රැක ගන්නට තවත් අවස්ථාවක් අද හිමි වනු ඇත.ඒ සිංගප්පූරරුවට එරෙහිව 13 වන තැන සිට 16 වන තැන දක්වා ශ්‍රේණිගත කිරීම් හී අවස්ථාව සඳහා අද සිංගප්පූරුව හමුවන බැවින්ය.බාර්බඩෝස් කණ්ඩායම එරෙහිව ලද ජයග්‍රහණය සළකන විට සහ සිංගප්පූරුව ඔවුන් ඉදිරියේ පරාජය වී ඇති නිසා මෙම තරගයට ශ්‍රී ලංකාව හොඳ මානසික මට්ටමකින් සූදානම් බව දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියකදී සංගප්පූරුව නොවන රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතිහාසය වෙනස් කළේ බාර්බඩෝස් තරගයය.එමෙන්ම එම තරගය සම්බන්ධයෙන් සළකන විට අවසාන කාර්තුව ශ්‍රී ලංකාව තරගය තමන් අතට ගත් ආකාරය ගැන නෙට්බෝල් ලෝකයේ විශේෂ කතාබහකට ලක් වී ඇති නිසා ඒ සඳහා බල පෑ ක්‍රිඩා රටාව මෙන්ම මානසිකත්වයද අද තරගයට වැදගත් වනු නොඅනුමානය.


කෙසේ වුවත් මෙවර ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසානය වෙනස්ම ස්වරූපයක් ගනු ඇතැයි සිතිය හැකිය.ඒ අනුව මෙවර ලෝක කුසලානයේ හිමිකාරීත්වය මේ දක්වා පැවති තරගවලදී ලබා ගත් ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට ඉතිහාසයේ පළමු වරට කුසලානය අහිමිවීමේ විශාල ඉඩකඩක් නිර්මාණය වී ඇත.මෙහිදී කුසලානයට තරග වදින කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග කළ කාණ්ඩයේ සිටි ජැමෙයිකාවට සහ සත්කාරක දකුණු අප්‍රිකාවට විශේෂ තැනක් හිමිව ඇත්තේය.දකුණු අප්‍රිකාව මෙතෙක් පරාජය වී ඇත්තේ ජැමෙයිකාවට පමණක්ය.ඔවුන් වත්මන් ලෝක කුසලානයේ හිමිකාරියන් වන නවසීලන්ත තරගය ජය පරාජයෙන් තොරව හමාර කරන්නට සමත් විය.


ජැමෙයිකාව සහ එංගලන්තය මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩායම් දෙකය.එංගලන්තය ඉතාම තියුණු තරගයකින් පසුව, ඊයේ වැඩිම වරක් ලෝක කුසලානයට හිමිකම් කී ඕසට්‍රේලියාව පරාජයට පත් කළේ ලකුණු 56 – 55 ක් ලෙසය.එසේම ජැමෙයිකාවද ඊයේ දවසේ වත්මන් ලෝක කුසලානයේ හිමිකාරියන් වන නවසීලන්තය නොසිතූ විරූ පරාජයකට ඇඳ දැම්මේ 59 – 48 ක් ලෙසය.
වර්ථමානයේ ජගත් ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථාන හතරේ සිටින්නේ පිළිවෙළින් ඔස්ට්‍රේලියාව නවසීලන්තය,එංගලන්තය සහ ජැමෙයිකාවය.

මේ වන විට ලෝකයේම අවධානය පළමු අංක දෙකෙන් අංක තුන සහ හතර දක්වා යොමු වී ඇත්තේ ඔවුන් දක්වන දස්කම් නිසාය.මුළු ඉතිහාසයේම සූරතාවයේ නමට ඕසට්‍රේලියාව සහ නවසීලන්තය නොවන රටක නමක් ගෑවී ඇත්තේ 1979 දී පමණි.ඒ ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ ය.එහෙත් එම සූරතාවය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සමඟ බෙදී ගිය සම සූරතාවයකි.එංගලන්තය හා සබැඳි ලෝක නෙට්බොල් සූරතා ඉතිහාසය ගත් විට ඔවුන් එක් වතාවක් (1975) පමණක් අනු සූරතාවය දිනා ගෙන ඇති අතර හය වතාවක්ම තෙවන තැන ලබා තිබේ.ජැමෙයිකාවට ඇත්තේ තෙවතාවක් තුන්වන තැන දිනූ ඉතිහාසයකි.


සත්කාරක දකුණු අප්‍රිකාවද එක් වතාවක් අනු සූරියන් වී ඇත.මෙවරනම් ඒ තත්ත්වයට පැමිණීමට ඉඩක් නැත.එහෙත් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ලෝක කුසලාන දැල්පන්දු කුසලානයේ ඉතිහාසයට ඔවුන් සූරතාවය නොදිනුවත් එක් වන්නට ඇති ඉඩ බොහෝය.සම්ප්‍රදායික සූරියන්ගේ නම වෙනුවට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී වෙන රටක නමක් ඉතිහාසයට එකතු වීමට ඇති ඉඩ බොහෝ ය.හෙට අතිශයින් වැදගත්ය.ජැමෙයිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයත් එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයත් පැවත්වෙන්නේ හෙටය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan