කඳානේ වෙඩි ප්‍රහාරයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල  කර පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුවූ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වෙඩි තැබීමෙන් කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර , වෙඩි ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇත. T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. මෙම වෙඩි තැබීම සඳහා යොදාගත් යතුරුපැදියේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ද හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...