පරණ දේශපාලනයෙන් රටක් දියුණු කරන්න බෑ – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (04) පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයා පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා වෙනත් ආයතනවලින් නියෝග ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසට තමා ඉල්ලා සිටින බවය.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික මහ සභා රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පැවැත්විණි.

එහිදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් ,

“අද මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ ආණ්ඩුවට වාසනාව ලැබිලා තියෙනවා මේ රට කරගෙන යන්න. ඉස්සෙල්ලා තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටුව සාකච්ඡා කළා. සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව වැඩකටයුතු කළා.

අවාසනාවකට හැමෝගෙන්ම ඒ සහයෝගය ලැබෙන්නේ නෑ. කුඩා කණ්ඩායම් සමහර පක්ෂ බලනවා මේක නැති කරන්න. පාරට බැහැලා විශාල සංවිධානයක් ඇති කරන්න උත්සාහ කළා. ඒත් ජනතාව එක පිළිගත්තේ නෑ. දැන් බලනවා උසාවි ගිහින් තහනම් නියෝග අරගන්න. ඒ අය බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණකට උසාවිය යොදවා ගන්න. අද මේ කරන වැඩකටයුත්ත නැවතුණොත් සතියක් යන්න කලින් බැංකු කඩාවැටෙනවා. මේක නවත්වන්න ගියොත් විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ. මේක නවත්වන්නේ පාර්ලිමේන්තුව කිවුවොත් විතරයි. මොකද බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ බලය පාර්ලිමේන්තුවේ තියෙනවා නම් වෙන කාගෙන්වත් උපදෙස් ගන්න බැහැ. නියෝග ගන්න බෑ. ඒ නිසා උවමනා නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා. ඒ වගේම මේ පරණ දේශපාලනයෙන් රටක් දියුණු කරන්න බෑ. පරණ දේශපාලනයෙන් අපි නැතිවුණා. පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.”

ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...