*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨත්වයේ සැබෑ මුහුණ ද වෙස් මුහුණ ද

ක්‍රීඩා අමාත්‍යවරයාව විවේචනය කළ විට,ඔහු විවේචකයින්ව හඳුන්වන්නේ ක්‍රීඩාවට ආදරේ නැති,රටේ තබා ගන්නවත් නුසුදුසු පුරවැසියන්ගේ මට්ටමෙන්ය.ඔහුට නොතේරෙන කාරණය ඔහු යන ඕනම පාරක ඔහුට පිටුපසින් සිටගන්නා කට්ටිය වලට නොවැටෙන්නේය.ඇමති වැටුණු පසු ඔවුන් කරන්නේ වල ගැට්ටේ සිටද ඇමතිගෙන් වැඩ ගැනීමය.ඒ සඳහා අවශ්‍යය ප්‍රශස්ති,ඔවුන් ඉහළින්ම නිර්මාණය කරගෙන ඇත.

ඇමතිට පෙර ඒ මඟ විමසා ඉදිරියේ වලක් ඇති බව පෙන්වන අය ඇමතිට අනුව දේශද්‍රෝහියෝය.මේ ගෙවෙමින් පසුවන්නේ ඒ කාලය උදාහරණ සමඟම ඇමතිට තේරුම් ගැනීමට හැකි අවදිය ය.පාපන්දු තහනම ගැන ඇමති බොහෝ දේ කීවේය.ඒවාට හුරේ දමන්නට ද පිරිස් සිටියේය.නමුත් සිදු වූයේ කුමක්ද?ඇමතිට තමන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනුව කටයුතු නොකරමින් පිළිනොගත් ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවට තමන්ටම නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නට සිදු වීමය.

රගර් ක්‍රිඩාව ඇසුරේ අලුත් තත්ත්වය උද්ගත වන්නේ ද එවැනිම තත්ත්වයකය.ක්‍රීඩා පනතේ වගන්තියක් ප්‍රකාරව රගර් සම්මේලනය තහනම් කිරීම ගැන අධිකරණය එකඟ නොවෙමින් සම්මේලනයට කටයුතු කර ගෙන යන්නට අවසර දුන් අතර නව නිලවරණයකට ද අවස්ථාව දුන්නේය.ඒ අනුව අමාත්‍යංශය පැත්තෙන් එම නඩුව ඉවත් කර ගැනීමට අවශ්‍යය කරුණු දක්වා ඉවත් කර ගත යුතුව තිබුණත් කල් මරමින් සිට එය ඉවත් කරමින් අනිත් පැත්තට එම වගන්තිම යොදා ගනිමින් නැවත රගර් තහනමක් පැනවූවේය.අලුතින් රගර් ස්ථාවරකරණ කමිටුව නමින් නව ආකාරයේ අතුරු කමිටුවක්ද පත් කරන්නට යෙදිණ.

එයට ද පාපන්දුවට මෙන්ම ජාත්‍යන්තර තහනමක් පැනවිණ.එසේම ජාතික ඔලිම්පික් කමිටුව ස්ථාවරකරණ කමිටුව පිළිනොගන්නා බව ද ජාත්‍යන්තරයට දැන්වීය.ප්‍රතිපලය වූයේ රගර් ජාත්‍යන්තර තහනමකට ලක්වීමය.හේතුව පාපන්දු මෙන්ම රගර් ද දේශපාලන අතපෙවීම්වල ගොදුරක් ලෙස ජාත්‍යන්තරය සැළකීමය.අධිකරණ මෙම තත්ත්වය කියවා රගර් ස්වාධීනත්වය සඳහා මැදිහත්වීමට අමාත්‍යවරයාට නොහැකි වන සේ යම් දේශපාලන වාරණයක් ගෙනවිත් තීන්දුවක් දුන්නේය.කාලයක් සිට ආසියානු රගර් පදක්කම් සිහිනයට ඉව අල්ලමින් වැඩ කරමින් සිටි රගර් පරිපාලනයේ වැඩ මේ සමඟ අබලන් විය.නමුත් නඩු තීන්දුව යනාදිය ද සැළකිල්ලට ගෙන ජාතික ඔලිම්පික් කමිටුව හරහා එම හිනය ඉෂ්ඨ සිද්ධ කර ගන්නට ශ්‍රී ලංකා රගර් වෙත පාරක් විවෘත කරන්නට ජාත්‍යන්තර සම්මේලනය එකඟ වී ඇත.

නමුත් සමස්තය නිදහස් කර අමාත්‍යවරයාගේ දේශපාලන තින්දුවේ එක දිගුවක් ලෙස පවතින ඔහු විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව රගර් සමාජයට රගර් ක්‍රීඩාව පවත්වාගෙන යාමට ආසියානු පදක්කමට යාමට වැඩ සැළසුම් සිඳු නොකළ ද,දැන් අභියාචනාධිකරණයේ පවසන්නේ තමන්ට බලය අහිමි කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමින් තීන්දු ගැනිම පමා කිරීමය.මෙයින් වන්නේ රටේ ආසියානු පදක්කම් සිහිනයට වෙහෙස වීම මඟ හැරී යාමය.

ජාත්‍යන්තර සම්මේලනයේ තහනමට තුඩු දුන්නේ අමාත්‍යවරයා විසින් රටේ රගර් ක්‍රීඩා සම්මේලන ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරිමට බාදා කරමින් ඔවුන්ගේ පාලනය අත් හිටුවීම සහ ස්තාවරකරණ කමිටුවක් පත් කිරීමය.ක්‍රීඩා පනතේ වගන්ති කිහිපයක් හරහා ගත් තීන්දුවක් ඉවත් කර ගනිමින්,එම තීන්දුවම යොදා අලුත් ගැසට් පත්තරයකින් පරණ දේ ම කිරීමට අමතරව සිඳු කළ එකම දේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමය.එය සිඳු කරන්නේද අමාත්‍යවරයාය.ජාත්‍යන්තරය කියන,ශ්‍රී ලංකාව පිළිනොගැනීමට හේතුවන දේශපාලන බලපෑම් කියන කාරණයට මේ කාරණයද ඇතුළත්ය.ඒ නිසා එම දේශපාලන තින්දුවේම කොටසක් හැටියට පවතින ස්ථාවරකරණ කමිටුව අධිකරණය ඉදිරියේ නිල බලයෙන් පත් වූ රගර් පරිපාලනයට අවශ්‍යය නිදහසට හරස් වෙමින් සහ ආසියානු තරගාවලියට සහභාගි වන්නට ඉඩ ඇහිරෙන ලෙස කටයුතු කිරීම කඩිනමින් විසඳා ගත යුතුව ඇත.

තව දුරටත් අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවට අයත් වන්නේ අධිකරණයේ උපදෙස් ඇතුව පැවත් වූ නිලවරණයේදී එය වැරදියි කියා පෙත්සමක් ඉදිරිපත් කර රගර් පරිපාලනය විසුරුවා හැරීමට උත්සාහ කළ පිරිසෙන් කොටසක්ය.එවිට මේ කමිටු කෙතරම් දේශාපාලනික ද,ස්වාධීනත්වයෙන් තොර ද යන්න අලුතෙන් කියා දෙන්නට අවශ්‍යය නැත.දැන් මේ තත්ත්වය ඇතුළේ ස්වාධිනත්වයක් නැත්තේ රගර්වලටය.ජාතික රගර් ලීග් තරග ආරම්භ කරන්නට ඒ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් කර අනුග්‍රහ ලබා ගන්නට ඉඩ ඇහිරී ඇත.නිල වශයෙන් පත් කළ රගර් කමිටුවට අත නොපවන ලෙස අධිකරණය ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ද යම් අණක් පනවා ඇතත්,ඒ සිස්ටම් එකේම නියෝජිතත්වයක් වන අතුරු කමිටුව තමන්ට ක්‍රීඩා සමාජ වෙනුවට අභියෝගයට ලක් වී ඇති දේශපාලන බලය විසින් දුන් බලයක් යොදා ගෙන රගර් කාබාසිනියා කරමින් ඇත.

ලංකාවේ දේශපාලකයා යනු තමන්ගේ අභිමානය රටට පෙර සිතන මුග්ධ වේශයකින් වැඩ කරන චරිතයකි.ලංකාවේ රගර් දශක දෙකකට ආසන්න කාලයක රාජපක්ෂ දේපළක් ලෙස පැවති බව නොරහසකි.රගර් හෝ රටේ රගර් පිනවීම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට රාජපක්ෂ පුතුන්ට අවශ්‍යය විදිහට ක්‍රීඩාව කරගෙන යාමට මෙන්ම ජනාධිපති සහ ආර්යාව නිතර මැච් බලන්න පැමිණෙන රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව යටතේ රගර් ක්‍රියාත්මක විය.නමුත් ඒ සියල්ලට ආශිර්වාද කරමින් රගර් පුටුවල සිටි අය රට පිනවිීම නොවන රගර් ක්‍රීඩාවකට දර දිය ඇද්දේය.ඒ තත්ත්වයන් තුළ සිඳු වූ දේ මොනවාද?

• රගර් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශිකයන් ඇතුළත් කිරීම.ඒ නිසා අදද ගෙවෙමින් පවතින පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකාව යටත්වීම.
• ආදායම් අනුග්‍රහ නොමැතිව විවිධ වැඩ සටහන් කරමින් ඒවාට මහින්ද රාජපක්ෂ වැනි අය කැඳවමින් සංදර්ශණ දැමීම සඳහා ගත කළ කාලය නිසා රගර් ණය කන්දක හිරවීම.
මේ කාරණා සහිත රගර් නාමල් රාජපක්ෂ ඇමති ධූරයට පත්වන විට වෙනස් වී තිබිණ.පුටුවට පැමිණි පුද්ගලයා තමන්ගේ ද යම් යම් සංවිධාන කාර්යයන් නියමානුකූලව කර දී ඇතත්,රගර් රගර් වෙනුවෙන් මිස තමන්ගේ උවමනාවට කඩේ යන වැඩක් කර ගැනීමට බැරි බව නාමල් ට ඉතිහාසය විසින් පැහැදිළි කර ගත හැකි විය.මේ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යතුමාගේ පදයට නටන එකෙක් හැටියට ආසියානු සභාපතිගේ ද හිත දිනාගත් අයෙක් ආසියානු සභාපති සහ ක්‍රීඩා ඇමති එක්ව රගර් පරිපාලනයට රිංගවන්න හැදීමේදී රගර් සම්මේලනය එය නොපිළිගැනීම දේශපාලනය සහ රගර් අතරත්,ආසියානු රගර් සහ ශ්‍රී ලංකාවේ රගර් අතරත් ඇති වූ විරසකයේ මුලය.

අමාත්‍යවරු මාරු වුව ද,රාජපක්ෂ න්‍යාය ධර්ම විසින් හික්මවන ලද,ඒ දේශපාලන සංස්කෘතියේ සාමාජිකයෙක් හැටියට රෙෂාන් රණසිංහ රැඟෙන ආ පසු ද තත්ත්වය ඒ ආකරයටම ගෙවිණි.පැමිණි ඇමතිට හිටපු ඇමතිට තිබුණ අධිමානයටත් වඩා තද හීනමානයක් තිබුණ බැවින් ක්‍රීඩාවේ ලොක්කා සේ කැපී පෙනෙන්නට ඇති ආසාව තදින්ම විය.මේ අනවශ්‍යය විදිහට වෙලාවන් ගෙන හමුවන්න ඇමති දොර ළඟ නිතර හිටගෙන ඉන්නට යන්නෙ නැතිව තමන්ගේ වැඩ කොටස කරගෙන යන්න රගර් පරිපාලනය ඇමතිට දිරෙව්වේ නැත.

දෙවන පියවර ලෙස පළමු විරෝධයේ ඉදිරි ගමන ඇරඹෙන්නේ එතැන් සිටය.ඒ වෙනුවෙන් මෙහෙයවන නිලවරණ විරෝධයේ දී ද මේ ස්ථාවරකරණ කමිටුවේ බොහෝ දෙනෙක් අමාත්‍යවරයාට දෙන පෙත්සමේ අත්සන් කරන්නේය.ඒවා හරහා රගර්වලට වඩා වෙන සෙල්ලමක් මෙහි ඇති බව පැහැදිළිව පෙනෙන්නේය.

ආසියානු සභාපතිවරයාගේ හැසිරීම ගද්දී තහනමට පරීක්ෂණ නැත.චෝදනා පත්‍ර නැත.ශ්‍රී ලංකාවේ සභාපති තහනම්ය.ලංකාවේද එසේය.දැන් ආසන්න වශයෙන්ම ක්‍රිඩා ඇමතිට කියන්න ඇති තහනමට හේතුව ආසියානු සභාපති තහනම් කිරීමය.

ඇයි තහනම් කරලා තියෙන්නෙ?

මූල්‍යමය වංචාවකට සම්බන්ධ ද?
ලිංගික අල්ලසක්..?
තරගාවලි පවත්වා නැද්ද?

මේ කිස්වක් නැත.ආසියාවටත් එවැනි කරුණක් නැත.ලංකාවේ ඇමතිටත් එසේ කියන්නට කරුණක් නැත.තහනම් කිරීමට හේතුව ලංකාවේ ක්‍රීඩාවට වැරදි විදිහට අත පොවන්න ආසියානු සභාපතිවරයා සූදනාම් වීමය.ඒ අවස්ථාවේදී පෞද්ගලිකව දුරකතන ඇමතුමකදී වූ දොස් පැවරීමය.

ඇමතිවරයා ඒ බව නොකියන්නේ එසේ රටේ ක්‍රීඩා පරිපාලනයක ස්වාධින්තවය වෙනුවෙන් සටන් කළ පාලකයෙක් අස් කරන්නේනම් හෝ තහනම් කරන්නේනම් ඔහු රටට ආදරේ ඇමති කෙනෙක් නොවිය යුතුය.ඒ නිසා ඇමතිටත් මේ මොහොතේ ආසියානු රගර් ගැහැව්වත් නොගැව්වත් කම් නැත.ආසියානු සභාපතිවරයා රටේ ක්‍රීඩා සංගමයකට අයුතු විදිහට බලපෑම් කරන්නට සම්බන්ධවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ද අනියමින් එකඟව ඇත.

ඉතිං මේ රට වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු බේරගන්න හෝ ඒ මිනිස්සු ආරක්ෂා කරන්න දේශපාලකයෝ ලංකාවේ නැත.ජනාධිපතිවරයා ද රොෂාන් රණසිංහට කිසිවක් කියන්න අපහසුය.වත්මන් රගර් පරිපාලනය රාජපක්ෂලාට ද දිරවන්නේ නැත.සමහර විට ඔවුන් බලයේ හිටියානම් වැඩ ඇරී යන විනිසුරුවන්ට යාළුකමට නිවසට එන්න කියා අධිකරණයේ ඉහළ වගකීම් පිරිනැමීම කළා වගේ දේවල් වෙන්නත් තිබිණි.එහෙත් අධිකරණය නිසා මේ දක්වා හෝ රගර්වලට ඇඟිලි ගසින්නට දේශපාලනයට ඇති උවමනාවට එරෙහිවන්නට හැකි වී ඇත.නමුත් විවිධ අන්දමට තර්ක විතර්කවලින් තීරණයන් පමා කරමින් කල් මැරීමට අධිකරණය හැඩ ගස්වා ආසියානු පදක්කමකට යාමට ශ්‍රී ලංකාවට ඇති ඉඩ වසා දමන්නට කාට වුව බැරි නැත.

කෙසේ හෝ පැහැදිළිව පෙනෙන දේ නම් අමාත්‍යවරයාගේ රගර් විසුරුවා හැරීම මේ වන විට අධිකරණය විශාල වශයෙන් පිළිගෙන නැත.ඇමති කාර්යය දේශපාලනිකයි කියන කාරණය ජාත්‍යන්තරයද පීළිගෙන ඇත.එය වැරදි නිසා තහනමක් ද පැනවී ඇත.ඒ තහනමට ගත් තීරණයේ එක පසෙක එයට ඈදා තිබෙන ස්ථාවර කමිටුව නිවැරදි වන්නේ ද නැත.ජාත්‍යන්තරය පමණක් නොව ජාතික ඔලිමිපික් කමිටුවද එය පිළිගන්නේ නැත.එවැනි තත්ත්වයක අභියාචනාධිකරණයට පැමිණ ස්ථාවරකරණ කමිටුවටට කළ හැකි එකම දේ ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයට සහභාගි වෙන්න තියෙන ඉඩ ඇසිරීමය.ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ගැන අදහසක් නැත.තමන්ගේ කාලයේ රගර් ක්‍රීඩාවෙන් පදක්කමක් පැමිණි බවට මෙලෝ දානයක් නොකර ලබා ගන්නට ඇති දේශපාලනමය වටිනාකම ගන්නවාට වඩා අමාත්‍යවරයාට ද වැදගත් තමන්ගේ ආශිර්වාදය නැතුව කිසිවක් නොකළ හැකි බව ක්‍රීඩා පණත දේවත්වයෙන් උලුප්පා දක්වා දවසක දී ඒ අහිමිවීම් ගැන පරිපාලනයට දොස් කියන්නය.හිමි කර ගැනීම්වලට අහිමි කර ගැනීම්වලට වඩා වටිනාකමක් තිබෙන බව නොදැනෙන තරමට අමාත්‍යවරයාගේ බුද්ධියද හිරි වැටී ඇත.රාජපක්ෂලාට එවැනි හැඟීම් කෙසේවත් නැත.ලැජ්ජා ද නැත.හෝද – හෝදා මඩේ දමමින් ඔවුන් වලිකන්නේ ඔවුන්ට වැදගත් දේ ට මිස රටට වැදගත් දේ සාර්ථක කර ගන්නට නොවේය.

මේ එවැනි අදමිටුකම්වලින් වෙට්ටු දමමින් කරන වැළක්වීම් දැන් දැන් ආසියානු පදක්කම් පමණක් නොව,ජාතික මට්ටමෙන් රගර් ක්‍රීඩකයන්ගේ සාක්කුවටද තට්ටුවන තරමට ව්‍යසනයේ වර්ගපලය පුළුල් වෙමින් ඇත.ඊට එරෙහිව ජාත්‍යන්තරය සහ එරට ජාතික ඔලිම්පික් කමිටුව ද පිළි නොගන්නා පරිපාලනයක් සමඟ දේශපාලන ආශිර්වාදය ඇතුව යම් පරිපාලනමය වශයෙන් මූල්‍යමය කටයුතුවල,පරිපාලනමය කටයුතුවල යෙදෙමින් ශ්‍රී ලංකාවේ රගර් සක්‍රීයව පවත්වාගෙන ගියහොත් සිදුවිය හැකි බරපතලම දේ ජාත්‍යන්තර තහනමේ ඉම් පළල් වීමය.එය ඉවත් කර ගැනීමට නොහැකි මට්ටම තව දුරටත් බලගතු වීමය.

එවැනි තැනකට පත් කර රටේම රගර් වැනසෙන්න දී නැවත තමන් කළ මෝඩ වැඩවලට අදාළ කරගත් කරුණු නිවැරදි කරන්නට ගැසට් ගසන්නටද ක්‍රීඩා අමාත්‍යවරයාට පහසු නැත.අධිකරණය අත නොපොවන ලෙස දක්වා තිබියදී එවැනි ගැසට් පත්‍රයකට යාමට හෝ සිදු වූ අතපසුවීම් දන්වා අධිකරණයට ද ගොස් අවසර ලබා ගැනීමට සිදු විය හැකිය.එවිට ඇතැම් විට නීත්‍යාණුකූලව ජාත්‍යන්තර රගර් පරිපාලනය විසින් මේ වන විටත් ගණදෙනු කරමින් සිටින ශ්‍රී ලංකා රගර් පරිපාලනයට නිල වශයෙන් පත් වූ පිරිස්වල විරෝධතාවයක් ඇද්ද නැද්ද යන්න විමසා දැන ගැනීමටද සිදුවිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමින් ස්ථාවර කමිටුවට ලංකාවේ රගර්වලට ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලබා ගැනීමට ඇති ඉඩ වැළක්වීමෙන් ඈත්ව සිටිය හැකිනම් වැදගත්ය.වඩා ශ්‍රේෂ්ඨ කවුද යන්න මහජනයාගේ හෘද සාක්ෂිය ඉදිරියේ තහවුරු කිරීම වැදගත් බව සිතන හෘද සාක්ෂියක් ඇත්තන් වීම වඩාත් වැදගත් බව මේ සිදුවීම වටා කොතැනින් හෝ ඇලී සිටින සැමටම හැඟේනම් චීනයේ දී ශ්‍රී ලංකා රගර් කණ්ඩායමක් දැකීමට ලැබෙනු ඇත.”කෝ දිනුවාදැයි” අන්තිම මොහොතේ තරගාවලියට නිසි පුහුණුවකින් තොරව සහභාගි කර පරාජය වූ පසුව අසන්නට සිටින වාක්‍යය දවසක ලංකාවේ රගර් කඩා වැටීම ගැන පශ්චාත් පරීක්ෂණයක් කරන දවසක, දර්පනයක් ඉදිරිපිට සිට තමාගෙන්ම අසා ගැනීමට සිදුවිය හැකිය යන්න, අද රගර්වලට අකුල් හෙලන අයට සහ ඊට කුමනාකාරයෙකින් හෝ අනුබල දෙන අය සිහි තබාගෙන කටයුතු කිරීම වැදගත්ය.

අගෝස්තු 11 මේ ආකාරයෙන් බලන කොට වඩා වැදගත්ය.නැති බලයක් වෙනුවෙන් පෞද්ගලික උවමනාවන් පදනම් කරගෙන ජාත්‍යන්තර සම්මේලනය දේශපාලන බලපෑමක් ලෙස සැළකූ අමාත්‍යවරයාගේ තීරණයේ එක් කොටසක් වන ස්ථාවර කමිටුව අධිකරණයට පවසා විරෝධය ඉදිරියට තබා ගනිමින්ම නිල රගර් සම්මේලනයට ආසියානු තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍යය වැඩ කරන්නට අවස්ර ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේනම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කරන්නට උත්සාහ කරන දේ ට වඩා මේ මේ මොහොතට ශ්‍රේෂ්ඨ වැඩක් වනු ඇත.එසේම ඔවුන්ට රගර් සම්බන්ධයෙන් ප්‍රේමයක් ඇති බව සමාජයට හැඟෙන පණිවිඩයක් කීමට හොඳ අවස්ථාවක්ද වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan