මේ රජය රටේ වාරි සංස්කෘතියත් විනාශ කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසකින් යුත් උඩවලව ජලාශ්‍රයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 2,000ක් පමණක් බවත් මීට සති කිහිපයකට පෙර සමනල වැවෙන් ජල අක්කර අඩි 1,500ක් දෛනිකව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කළත් මේ පිළිබඳව විදුලි බල ඇමතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයත් ජනාධිපතිවරයාත් උනන්දු නොවීම තුළ ගොවි පවුල් 30000ක හෙක්ටයාර් 25000ක වී, උක්, එළවළු සහ බඩඉරිගු වගාව විනාශයට පත්වීම ආරම්භ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජ දවසේ සිට මෙම වාරි ශිෂ්ඨාචාරය දැවැන්ත ආර්ථික පද්ධතියක් නිර්මාණය කළ බවත් මේ ජලාශ්‍ර හරහා පානීය ජලයට මෙන්ම වගාව සඳහා ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් එහෙත් අඛණ්ඩව විදුලිය ලබා දෙනවා යැයි පවසා විදුලි බිල සියයට 500කින් වැඩි කර වගාවට අයත් ජලය විදුලිය සැපයීමට යොමු කර ඇති බවත් යම් හෙයකින් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එයට හේතුව වත්මන් රජයේ අකාර්යක්ෂමතාව සහ දුර්වල රාජ්‍ය පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වත්මන් රජය විසින් වාරි පද්ධතිය හරහා නිර්මාණය වූ වාරි සංස්කෘතිය සහමුළින්ම විනාශ කර ඇති බවත් වී උක් එළවළු සහ බඩඉරිගු වගාවන් ආදිය හරහා දේශීය ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික චක්‍රයක් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති නිසා වගා හානි වුවහොත් වන්දි ලබා දී පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වී ඇති බවත් ජනතාව විසින් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වැඩක් නොකර හේතු දැක්වීමට නොවන හෙයින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (6) තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින මෙහෙයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දක්ෂ, සැලසුම්සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස පම්පොරි ගැසුවත් මේ සිදුවීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය පෙනෙන බවත් රජයේ දෙබිඩි වැඩපිළිවෙළ හේතුවෙන් ගොවියාත් සාමාන්‍ය ජනතාවත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...