ඇමති මාරු නෑ. කෙහෙළිය දිනවන්න ජනපති තීන්දුවක !

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙද්දී එකම අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. බාල බෙහෙත් ප්‍රශ්න, බෙහෙත් හිඟය, වෛද්‍යවරුන් රටහැර යාම, සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටලු, වෛද්‍ය උපකරණ හිඟය ඇතුළු ප්‍රශ්න ගණනාවක් තවමත් විසඳුම් නැතිව ගොඩගැහෙමින් පවතිනවා.

මේ තත්වය යටතේ විපක්ෂය විසින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඔය අතරේ කෙහෙළියට ඉල්ලා අස්වෙන්නය කියලා දැනුම් දීලාය කියලා කතාවකුත් පහුගිය සතියේ පැතිරුණා.

කොහොම වුණත් සෞඛ්‍ය ඇමති තනතුරේ වෙනසක් නොකරන්නත් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කරන්නත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් අරන් ලු.

මේ කතාව තිබුණේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග සතිපතා සමාජ මාධ්‍ය ඔස්සේ ලියන ‘ජනපති e කොළම’ තීරු ලිපියේ.

“සෞඛ්‍යට රු කෝටි 3000 ක් වෙන්කලා. යල් පැනපු සෞඛ්‍ය පනත ඉක්මනින් අලුත් කරන එක වටිනවා” ජනපති ලේකම් සමන් ඒකනායක කීය.
“කෙහෙළියගෙ විශ්වාස භංගය කොහොමද. ඒක දිනුවෙ නැත්නම් කෙහෙළියට වඩා ආණ්ඩුවයි වැටෙන්නෙ. ඒ අස්සෙ වජිර කෙහෙළිය හමුවෙලා එයාට දිනන්න අමාරු නිසා අයින්වෙන්න කියලලු නේද ? කෙහෙළියගෙන් සෞඛ්‍ය ගලවනවද ?” මාධ්‍ය වෙතින් එල්ලවූ දුස්රාවෙන් රනිල් කරකවා අත හැරිණ.
“ඇමති මාරු නෑ කියල කී පාරක් කිව්වද ? නම්බර්ස්වල ප්‍රශ්නයක් ගැන සැකය විතරයි වජිර මතු කරල තියෙන්නෙ. විශ්වාසභංගය දිනන්න ඔින” ජනපති කීය.

අශෝක ජයතුංගගේ ‘ජනපති e කොළමේ’ පළවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍යවල පැළ කරවා ගන්න අවශ්‍ය නිල නොවන පුවත් ය කියන එක ක්ෂේත්‍රයේ කවුරුත් දන්න දෙයක්. ඒ නිසා පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවුණා කියලා අශෝක ලියන මේ කතාව ඇත්ත වෙන්න ඕනෙ.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...