වසර 34 ට පසු අප්පා කළ දේ ම කළ පුතා

0
1673

චීනයේ බීජීං නුවර පැවත්වෙන සීත සෘතු ඔලිමිපික් උළෙලේ slalom සහ giant slalom ඒකාබද්ධ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රියාවේ ජොහැන්නස් ස්ට්‍රෝල්ස් සමත් වුණා.එහි විශේෂත්වය වන්නේ මිට වසර 34 ට පෙර එම දස්කමම ජෙහැන්නස්ගේ පියා විසින් පෙන්වා තිබීමයි.ඒ 1988 දී කැනඩාවේ පැවති සීත සෘතු ඔලිම්පික් උළෙලේදී මෙහි රන් පදක්කම දිනා ගත් හියුබට් ස්ට්‍රෝල්ස් ජොහැන්නස්ගේ පියා යි.

සීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ මෙම ඒකාබද්ධ ඉසව්වේ රන් පදක්කම් දිනූ පළමු පිය පුතු යුගලය ලෙස ජෙහැන්නස්ගේ දස්කම නිසා ඔහු සහ පියා හියුබට් සීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් බවට පත් වෙනවා.

RM

හියුබට්
ජොහැන්නස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here