ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ ගැටලුව ගැන විපක්ෂ නායකවරයා යළිත් පාර්ලිමේන්තුවේ හඬ නඟයි (VIDEO)

Date:

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් තමා මීට පෙර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාධනීය පියවරක් රජය විසින් ගෙන නොමැති බවත් නැවත වරක් එම තැන්පත්කරුවන්ගේ තැන්පතු සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේදැයි විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරවන් 6400කගේ තැන්පතු බිලියන 11.6ක් සහ ආයතනයේ වත්කම් බිලියන 5.5ක් තිබෙන බවට 2019 සිදු කළ වත්කම් පරීක්ෂාවේදී තහවුරු වූ නමුත් වර්තමානයේ එම වත්කම්වලට විශාල වටිනාකමක් ලබා ගත හැකි හෙයින් මෙම සමාගම ඈවර කර අදාළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා දීම හෝ විදේශ සමාගමක් සමඟ ඒකාබද්ධව මෙම සමාගම ඉදිරියට ගෙන යාම හෝ සිදු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...