හිරුෂගෙන් කොළොම්ඹියානු පිම්මක්

ජාතික ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේදී ට්‍රක් මාස්ටර්ස් ක්‍රීඩා සමාජයෙන් තරග වැදි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් දුර පැනිමේ නව කණිෂ්ඨ ජාතික වාර්තාවක් තබන්නට සමත් වුණා.ඒ මීටර් 7.67 ක දුරක පිම්මක් පනිමින්.හිරුෂගේ දුර පැනිමේ පිම්ම කොළොඹිබියාවේදි 2022 අගෝස්තු මස පළමු දින ආරම්භ වීමට නියමිත ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වීමට පිරිමි දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට දක්වා තිබෙන මීටර් 7.55 ක දුර අභිබවා යාමක්.

අගොස්තු පළමු වැනිදා කොළොම්ඹියාවේ දී ඇරඹෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදි පිරිමි දුර පැනීම ඉසව්ව වෙනුවෙන් මීටර් 7.55 ක දුර ඉක්මවා දස්කම් දක්වන තරුණ ක්‍රීඩකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබෙනවා

RM