ගුවන්තොටුපොළ ආරක්ෂාව ලිහිල් කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම කියා සිටින්නේ මේ වන විට රටේ පවතින සාමකාමී තත්වයත්, ගුවන් මගීන් හට විදේශ ගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැලකිල්ලට ගනිමින් ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට කටයුතු කළ බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොරටුව අසල තිබු ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත්‍රවාදී තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබුණු අතර , ගුවන් මගීන් ස්ථාන 03කින් ස්කෑන් යන්ත්‍රවලින් පරීක්ෂාවන් සිදු කිරීම හේතුවෙන් පසුගිය කාල පරිච්චේදය තුළ පිටත්වීමේ පර්යන්තය තුල විශාල තදබදයක් ඇති වූ තිබුණා.

මේ හේතුවෙන් විදෙස් ගත වන මගීන්ටද විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවුණු බවත්, මේ වන විට රටේ පවතින සාමකාමී තත්වයත්, ගුවන් මගීන් හට විදේශ ගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැලකිල්ලට ගනිමින් මෙම ස්කෑන් යන්ත්‍රය පසුගිය අගෝස්තු මස 08 සිට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත .

එම නිසා ගුවන්තොටුපලට හා ගුවන් මගීන් හට තම ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් ඇති නොවන බවත්, සෑම ගුවන් මඟියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන 02 කදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක් වන බවත්, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම කියා සිටී.

ගුවන්තොටුපල සමාගම අවධාරණය කරන්නේ ,
නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446 කින් ලබා ගන්නා රූප රාමු ඇතුලත් ආරාක්ෂිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියකින් යුතු පැනලයක් තුළින් පැය 24 පුරා නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවයි .

එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ , සිවිල් ඇදුමින් සැරසුනු ගුවන්තොටුපල හා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් පිටත් වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...