*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දිස්ත්‍රික්ක 15කට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජලය!

කොළඹ LNW:වියළි කාලගුණයත් සමඟ ඇති වී තිබෙන පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් එක්ව ජල බවුසර් භාවිතා කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක් සඳහා ජලය බෙදාහැරීම සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52435 සහ පුද්ගලයන් 181671 දෙනෙකුට පානීය ජලය සැපයීමක් සිදු කර තිබෙන අතර දිස්ත්‍රික්ක ලෙස අම්පාර,මඩකලපුව,බදුල්ල,ගම්පහ, හම්බන්තොට, යාපනය,කුරුණෑගල,මන්නාරම,මාතලේ,මොණරාගල, මුලතිව්, පුත්තලම,රත්නපුරය,වව්නියාව,ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට පානීය ජලය සපයා ඇති බවයි රණසිංහ මහතා සඳහන් කරන්නේ.

වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ අම්පාර, රත්නපුර,යාපනය,මඩකලපුව යන දිස්ත්‍රික්ක වලටය.

”රජයේ අනුමත වෙලා තියන මුදල්වලින් මේවන විටත් මිලියන 4.5 ට අධික මුදලක් අපි වියදම් කරලා තියනවා. ජලය ලබාදීම ක්‍රමානුකූලව ප්‍රාදේශීය ලේකම්වරුන්ගත් දිසාපතිවරුන්ගේ සහයෝගය මත ලබා දෙනවා. පුද්ගලයන් වශයෙන් වතුර ලබා ලබාදීමට අමතරව අපි විසින් ආයතන වලටත් වතුර ලබා ලබාදීම සිදු කරනවා. පාසල්,රෝහල් වැනි ආයතන වල ජලය සැපයීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.දකුණු පළාතට අමතරව අනෙකුත් දිස්ත්‍රික්ක වලට වතුර සැපයීම සඳහා අපගේ සහන සේවා මධ්‍යස්ථානය යටතේ ජල බවුසර 200 කට අධික ප්‍රමාණයක් තිබෙනවා. අවශ්‍යතාවයන් අනුව ප්‍රමාණවත් පරිදි වතුර සැපයීමට සහ මෙම බවුසර් ප්‍රමාණවත් ලෙස අවශ්‍යතාවය පරිදි කළමනාකරණය කිරීම මෙහිදී සිදුවෙනවා. මෙම බවුසර රථ ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් යුද හමුදාව සතු බවුසරද යොදා ගැනීමටත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.” යනුවෙන් රණසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan