මැලෙසියානු උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකා සිසුන්ටත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  EDUCATION MALAYSIA GLOBAL SERVICES  යනු මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මැලේසියානු අධ්‍යාපනය ලෝකයට ගෙන යන ආයතනයක් වන අතර මේ වනවිට මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ , මැලේසියානු අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සහ මැලේසියාව තුළ ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන වරම් හිමිකර දීමයි.

ඒ අනුව අද දින උදෑසන 10.00 සිට සවස  5.00 දක්වා කොළඹ මැන්ඩරීනා හෝටල් පරීශ්‍රයේදී  ( EDUCATION MALAYSIA GLOBAL SERVICES ) මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් අනුමත , මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09හි නිළධාරීන් විසින් උපදේශන වැඩමුළුවක් පැවැත්වෙමින් පවතී.

හෙට (20) දිනයේ මෙම අධ්‍යාපනික වැඩමුළුව නුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී උදෑසන 10 සිට පස්වරු 05  දක්වා පැවැත්වේ.

මැලේසියානු උසස් අධ්‍යාපනය පිළිබඳ   උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්හට මැලේසියානු උසස් අධ්‍යාපනය පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු මෙම වැඩමුළුව හා සම්බන්ධ වී ලබා ගත හැක. නුවර සහ කොළඹට ආසන්නව සිටින ඔබත් පැමිණ මෙහි ප්‍රතිලාභ ලබාගන්න. මේ අනගි අවස්ථාව මඟ නොහැර  ඔබගේ විදේශීය උසස් අධ්‍යාපන සිහිනය සැබෑකරගැනීමේ වටිනා දොරටුව විවෘත කර ගන්න.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...