යුක්රේන යුද්ධය අතරතුර සිදුවන රුසියාවේ නව අභ්‍යවකාශ ගවේෂණය: Luna-25 සඳමත ගොඩබැසීමට සුදානමින්

Date:

2040 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගනිමින් රුසියානු චන්ද්‍ර වැඩසටහනේ කොටසක් වන Luna-25 අභ්‍යවකාශ යානය සඳ කක්ෂයට ඇතුළු වූ බව රුසියාවේ අභ්‍යවකාශ ආයතනය Roskosmos නිවේදනය කර තිබේ.

Luna-25 හරහා රුසියාව බලාපොරොත්තු වන්නේ සද මත ජල අංශු සොයා බැලීමත්, ග්‍රහලෝකයේ දිගු කාලයක් මිනිස් වාසයට සුදුසුද යන්න සොයා බැලිමත්ය.

1976 සෝවියට් සංගමය විසින් කරන ලද සඳ මෙහෙයුම වන Luna-24 න් පසු සිදු වූ මුල්ම මෙහෙයුම Luna-25 වන අතර රුසියානු අභ්‍යවකාශ වැඩසටහන් නිරීක්ෂණය කරන RussianSpaceWeb.com හි නිර්මාතෘ සහ ප්‍රකාශක Anatoly Zak රොයිටර් පුවත් සේවයට වාර්තාකර තිබුණේ, මෙය වසර 10 ක් අනාගතයට විහිදෙන වඩාත් පුළුල් රුසියානු උපාය මාර්ගයක කොටසක් වන බවයි.

Luna-25 පසුගිය අගෝස්තු 10 වන දින පෘථිවියේ සිට අභ්‍යවකාශ ගත කළ අතර මෙය චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ බොගුස්ලාව්ස්කි ආවාටයට උතුරින් අගෝස්තු 21 සඳුදා සැලසුම්ගත ගොඩබෑමකට පෙර දින පහක් සඳ මතුපිට සිට කිලෝමීටර 100 ක් (සැතපුම් 62) කක්ෂගත වනු ඇත.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙම මස අගදී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සැලසුම් සහගත ස්පර්ශ කිරීමට පෙර Luna-25 මෙම මස මුලදී සඳ කක්ෂයට ඇතුළු වනු ඇති බවයි රුසියාවේ අභ්‍යවකාශ ආයතනය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...