සමාදානයේ සැතපෙන්න පියාණනි! ලොව දිනූ ඔල්ගාගේ ප්‍රාර්ථනය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති කාන්තා පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ඊයේ (20) සමත්විය. ප්‍රබල එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්විය.

ස්පාඤ්ඤ නායිකා ඔල්ගා කාර්මෝනා විසින් , එම තරගයේ වාර්තා කළ එකම ගෝලය රැස්කළ අතර ඇය දිනූ ලෝකය තුළ ඒ මොහොත වනවිටත් දෛවෝපගත සිදුවීමක් සිදුව තිබූ බව ඇය නොදැනෙන සිටියාය.

එහෙත්  තරගය අවසන්වී  වී සුළු මොහොතකින් ඇයට අසන්නට ලැබුණේ සිය පියා මියගොස් ඇති යන හදවත නවතින පුවතයි. දිගු කලක් අසනීපව සිටි ඔල්ගා ගේ පියා පසුගිය 18 වනදා මියගොස් තිබුණු නමුත් ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් ඒ බව ඇයට නොදැන්වීමට ඇයගේ ඥාතීන් එකඟ වී තිබූ බව වාර්තා වේ.

නමුත් ඈ වේදනාව සඟවා ගනිමින් තම සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙසේ තම පියාගේ වියෝව ගැන සටහන් කර තිබුණි.

“මම දන්නවා ඉන්න තැනක සිට ඔබ තරගය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න පියාණනි…”

ලෙසිනි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...