සංචාරක පැමිණීම සාර්ථකයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වන අතර එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ ඇති බවත්, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...