*
Friday, September 20, 2024
spot_img

Latest Posts

යුද හමුදාවේ කොවිඩ් මහනුවර පස්සට අඳියි; හැව්ලොක්ස් – පොලිස් සහ නාව්කයෝ ජය ගනිති

යුද හමුදා රගර් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොඳුරු වි සිටින බැවින්, අද (ජනවාරි 13) පැවත්වීමට නියමිතව තිබුණු යුද හමුදාව සහ මහනුවර කණ්ඩායම අතර තරගය නොපැවත්වෙන බව වාර්තා වේ.එ අනුව සිව්වන සතියේ දී සිය අඛණ්ඩ ජයග්‍රහණ එකතු කර ගැනීම සිඳු කරන්නට මහනුවර කණ්ඩායමට නොහැකි වන අතර තරගයක් යුද හමුදා තරගය නැවත පවත්වන තුරු ඉවසා සිටින්නට මහනුවරට සිඳු වේ.එසේම සිව්වන සතියේදී මහනුවර සහභාගි නොවුණ ද ඔවුන් හා සම තරග ජයග්‍රහණ වාර්තා කර සිටි හැව්ලොක් කණ්ඩායම මේ සතිය නිමා කළේ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පරාජය කරමින් නිසා ඔවුන්ට ලීග් ලකුණු සටහනේ මුලට එන්නට වැඩි ඉඩක් ඇත.

හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති හැව්ලොක් සීඑච් තරගයේ මුල් භාගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පහසුවෙන් සිය අණසක පැතිරවූහ.ඒ පළමු භාගය ලකුණු 12 – 3 ක් ලෙස සටහන් කරමින්ය.නමුත් දෙවන භාගයේ දී හැව්ලොක්ස් කණ්ඩායමට පීඩනයක් එල්ල කළ සීඑච් ක්‍රීඩකයින් ලකුණු 14 ක් එකතු කරද්දී හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු ගණනට එකතු වූයේ ලකුණු 8 ක් පමණි.නමුත් මුල් අර්ධයේ තබා තිබූ වැඩි වාසිය ප්‍රයෝජනයට ගනිමින් සමස්ත තරගය නිමා වන විට ලකුණු 20 – 17 ක් ලෙස තබා ගෙන සිව්වන සතියටත් සිය අපරාජිතබව සමඟ ඉදිරියට යාමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

හැව්ලොක්ස් කණ්ඩායම සිය ලකුණු ප්‍රමාණය එක් ප්‍රවර්ථනයක් සහිත උත්සාහක දිණුමකින් සහ තවත් උත්සාහක දිණුම් දෙකකිනුත්,දඩුවම් පහරකිනුත් වාර්තා කරන්නට සමත් වුණා.හැව්ලොක්ස් පිළ වෙනුවෙන් අචින්ත පුංචිහේවා,මිතුන් හපුගොඩ සහ තීක්ෂණ දසනායක උත්සාහක දිණුම් ලබා ගත්තා.එහි එක් ප්‍රවර්ථනයක් සාර්ථක එල්ලයට යොමු කරන්නට සමත් වූ සන්දේශ් ජයවික්‍රම එක් දඩුවම් පහරක්ද නොවැරදී ඉලක්කයට යොමු කරා.

ගනුක දිසානායක සහ ජනිඳු ඩිල්ෂාන් සිඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන සාර්ථකව නිමා කළ, තෙනුක නානායක්කාර එක් දඩුවම් පහරක්ද නිසි ඉලක්කයට යොමු කරන්නට සමත් වුණා.

පොලිස් ක්‍රීඩාංගණයේදි පැවති පොලිසිය සහ ගුවන් හමුදාව අතර තරගය නිමාවට පත් වූයේ අඩු ලකුණු වාර්තා වූ තරගයක් හැටියටයි.එහදී පොලීසිය ලකුණු 11 රැස් කරද්දි ගුවන් හමුදාවට එකතු කර ගන්නට ලැබුණේ එක් දඩුවම් පහරකින් හිමි වූ ලකුණු 3 ක් පමණයි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් සමස්ත තරගයේම වාර්තා වූ එකම උත්සාහක දිණුම වගීෂ වීරසිංහ විසින් වාර්තා කළා.ඊට අමරතව පොලිස් කණ්ඩායම වෙනුවෙන් යොහාන් පීරිස් සහ සචිත් සිල්වාගේ නිසි ඉලක්ක විසින් එකතු කරන ලද දඩුවම් පහර දෙකකින් ද පොලිස් ලකුණු පූවරුව පෝෂණය වුණා.ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම දඩුවම් පහරේ ලකුණු 3 හිමි වූයේ නුවන් පෙරේරා හරහා යි.

ගෙවුණු සතියේදී මහනුවර කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කළ නාවික හමුදා කණ්ඩායම මේ සතියේදීත් නාවික ක්‍රීඩා පිටියේදී සීආර් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම හමු වුණා.සීආර් කණ්ඩායමත් මෙවර තරගාවලියේ තෙවන තැන සිටින කණ්ඩායම හැටියටයි නාවික හමුදා පිටියට පය තැබුවේ.

සතියේ තියුණුම තරගය බවට පත් වූ මේ තරගයේදී නාවික හමුදාව එල්ල කළ දරුණු පීඩනය සමඟ මුල් අර්ධය නිමා වන විට සීආර් කණ්ඩායම ලකුණු 10 – 7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.නමුත් දෙවන අර්ධයේදි ආක්‍රමණය පළමු වටයටත් වඩා තදින් ක්‍රියාත්මක කළ නාවිකයන් සීආර් කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේ එක් දඩුවම් පහරකින් ලකුණු 3 ක් ලබා ගන්නට පමණයි.ඒ අනුව ඔවුන්ගේ සමස්ත ලකුණු ගණන 13 ක් වුණා.පළමු අර්ධයේ ආක්‍රමණයට වඩා හොඳින් සීආර් පිළේ ආරක්ෂාව මැඩ පවත්වා ගත් නාවික හමුදා කණ්ඩායම දෙවන අර්ධයේදි ලකුණු 11 එක් කළේ සීආර් කණ්ඩායමට ලකුණු 18 – 13 ක් වූ පරාජයක් අත් කර දෙමින්.

අදීශ විරතුංග සහ අමිත් ගුණසිංහ නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිණුම් වාර්තා කළා.ඉන් එක් උත්සාහක දිණුමක් ප්‍රවර්ථනය සාර්ථක කර දෙන්නට ජනිත් චන්දිමාල් සමත් වුණා.ඉතිරි ලකුණු හය නාවික හමුදාවට එකතු වුණේ දඬුවම් පහර දෙකකින්.චතුර සෙනවිරත්න සහ සැමුවෙල් මධුවන්ත එම දඩුවම් පහර දෙක නිසි ලෙස ඉලක්කය වෙත යොමු කළා.

සීආර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම සුපුන් වර්ණකුලසූරිය වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට යසස් කවිඳු සමත් වෙනවා.එතෙකින් නොනැවතී යසස් සීආර් කණ්ඩායම වෙනුවෙන් නිසි ඉලක්ක ගත කර දඬුවම් පහර දෙකකින් ලකුනු හයක් ලබා දෙන්නටත් සමත් වුණා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan