*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/23

01. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සිංගප්පූරු නිල සංචාරයේ දී කාබන් හර කිරීම කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ: මෙම සුවිශේෂී සහයෝගීතාව ගෝලීය පාරිසරික භාරකාරත්වය සඳහා වන ප්‍රධාන රාමුවක් වන පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තිය යටතේ සිදුවිය.

02. ශ්‍රී ලංකාව තුළ විදුලිබල උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව හවුල්කාරීත්වයක් (consortium) පිහිටුවා ගනී: ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් අනුමත කර ඇති විශාලතම පෞද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති මුලපිරීම මෙයයි: මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 152 ක සෘජු ආයෝජනයක් අපේක්ෂා කරන අතර, 2025 දෙසැම්බර් වන විට ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරයි.

03. ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන අතර, නීතිය අතට ගැනීමෙන් සහ ඒ අන්දමින් හැසිරීමෙන් වළකින ලෙස වතු ජනතාව සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි: නීතිය තමත් අතට ගන්නා ඕනෑම අයෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවයි: දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කරන ලද සිද්ධීන්වල ගොදුරු බවට පත්වෙමින් එවැනි හැසිරීම් වලට අනුබල දෙන්නන්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පවසයි: මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

04. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි (Financial Consumer Protection Regulations) නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කරයි: එය 2023.08.09 දිනැති අංක 2344/17 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ද ප්‍රකාශයට පත් කරයි: මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය සේවා සපයන්නන් සඳහා ඒකාකාර පදනමක් (uniform basis) මත මෙම රෙගුලාසි වලංගු වේ: විශේෂයෙන්ම බැංකු පනත, මූල්‍ය ව්‍යාපාර පනත සහ මූල්‍ය ලීසිං පනත යටතේ නිකුත් කර තිබෙන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ විධිවිධාන ඇතුළු මහ බැංකුවේ වත්මන් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

05. කුලී මිලදී ගැනීම් හෝ කල්බදු ගිවිසුම් යටතේ පවතින වාහන සඳහා රක්ෂණ හිමිකම් ගෙවීමේ දී ‘විරෝධතා-රහිත’ (no-objection) ලිපි අවශ්‍ය නොවන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසයි: මෙවැනි අවස්ථාවලදී රක්ෂණ හිමිකම් පියවීම සඳහා මූල්‍ය ආයතනවලින් විරෝධතා-රහිත ලිපි ලබා නොගන්නා ලෙස රක්ෂණ සමාගම්වලට දැනුම් දෙයි.

06. ඇ.ඩො. මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙල’ (මෝටර් රථ 11) චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකාව වෙත පිරිනැමේ: මෙම වාහන නිල වශයෙන් භාර ගැනීම වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතින් සිදුවෙයි: අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමට ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරයි.

07. වාහන ආනයනය කිරීමට අදාළ සීමාවන් ඉවත් කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණ ද, දේශීය බැංකු විසින් නිකුත් කරන ලද ණයවර ලිපි තවමත් විදේශීය බැංකු විසින් පිළිනොගන්නා බව මෝටර්රථ වෙළෙන්දහු පෙන්වා දෙති: වාහන ආනයනකරුවන්ගේ ගැටලුව විසඳීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: මෙතෙක් ජාත්‍යන්තර වශයෙන් පිළි නොගත් වාණිජ වාහන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කෙරෙන ණයවර ලිපි ලෙස රජයේ ඇපකරයක් ලබාදීමේ හැකියාව පිළිබඳව රජය සොයාබලමින් සිටින බව ද පවසයි.

08. ඉකුත් දින ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාමට සහ තවත් පස් දෙනෙකු රෝහල්ගත කිරීමට හේතු වූ රෝගී තත්ත්වය හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි: එහි දී සඳහන් වූ ‘හඳුනා නොගත් රෝගය’ Meningococcus බැක්ටීරියාව නිසා ඇති වූ ආසාදනයක් වන Meningococcal රෝගය බව පවසයි: මේ වන විට රැඳවියන් 16 දෙනෙක් ආසාදනයට ප්‍රතිකාර ලබමින් සිටිති: දින 14ක කාලයක් සඳහා බන්ධනාගාර කටයුතු සීමා කර ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

09. ප්‍රසිද්ධ රැස්වීමක් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ පා.ම. තිස්ස කුට්ටිආරච්චි යන අය විසින් තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියමින් එක් අයකුගෙන් රු. බිලියන 10 බැගින් වන්දි ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එන්තර වාසි යවයි: ජාතික ජන බලවේගය මෝල්ටා දූපතේ මුදල් ආයෝජනය කළ බවට එකී මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් චෝදනා කර තිබිණි.

10. රට තුළ පිහිනුම් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින්, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය ඉදිරි ජාතික හා කනිෂ්ඨ ජාතික කෙටි කාලීන (මීටර් 25) පිහිනුම් ශූරතාවලියට සහභාගි වීමට ලෝක ජල ක්‍රීඩා සම්මේලනය (World Aquatic Federations) සහ එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කිරීමට කටයුතු කරයි: දෙසැම්බර් 26 සිට 30 දක්වා හිල් කැපිටල් හි හිල්වුඩ් විද්‍යාලයීය පිහිනුම් තටාකයේ දී මෙම ඉසව්ව පැවැත්වීමට නියමිතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan