දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩවර්ජනයේ !

Date:

අද (24) දිනයේදී දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

ඒ, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවක් ගැටළුවට අදාල චක්‍රලේඛය නිකුත්කිරීම ප්‍රමාද කිරීම, නව බදවාගැනීම් නවතා දැමීම හේතුවෙන් සේවා බිදවැටීමකට ලක් වීමට ඉඩහැරීම , අසාධාරණ ලෙස විනය නියෝග භාවිතා කරමින් වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් මර්දනයට උත්සාහ කිරීම යනාදී ගැටලුවලට අදාළ ඉල්ලීම් 07ක් මුල් කරගනිමිනි.

ඒ අනුව අද උදෑසන 08.00 සිට පැය 24ක කාලයක් එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

එසේවෙතත් සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...