ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කෙරිණි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය
කිරීම අද (24) රාත්‍රී සිදුවේ.


පස්වරු හය පසුවී මිනිත්තු පනස්හතට යෙදෙන සුබ මොහොතින් පිටත්වන දළදා
පෙරහැර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන්
ඉහළට ගෙවැදීමට නියමිතය.


ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළ
අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ඉන්දිරාජා ඇතු
විසිනි. කණ්ඩුල හා මියන්රාජා ඇතු එහි දෑල ඇතුන් වශයෙන් ගමන් ගත්තෝය.
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින්
ගමන් ගත් දළදා පෙරහැරේ ඊයේ ගමන් ගත්තේ ශ්‍රී විෂ්ණූ දේවාලයේ බස්නායන
නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතායි.


පෙරහැර ගමන් ගන්නා වීදියේ රැදී සිටිමින් කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස්
විදෙස් විශාල ජනකායක් ඊයේ දිනයේත් සහභාගීව සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...