පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඇතුළු පිරිසට වාරණ නියෝගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  පවසා සිටින්නේ , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
එම ආයතනය ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අනුව කොළඹ දිසා අධිකරනය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ,2022 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුව ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කර තිබු විශේෂ විගණන කෙටුම්පත මාධ්‍ය මගින් හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා අපහාසාත්මක ප්‍රකාශ බවත්ය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...