සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශිය දුම්වැටි 11,600ක් සන්තකයේ තබාගෙන නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
වැඩිදුරටත් සඳහන් වන්නේ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකල බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
