සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරෙන , යාපනයේ පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය දැක බලා ගැනීම සඳහා මෙරට සංගීත ලෝලීන් හට එළඹෙන සැප්තැම්බර් 30වන දා අවස්ථාව ලැබීමට නියමිතයි .
ඉන්දියානු සිනමාවට අද්විතීය හඬ පෞරුෂයක් එක්කළ දකුණු ඉන්දියානු තාරකාවක වන සන්තෝෂ් නාරායන් ,ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂයින් රැසකගේ සහභාගිත්වයෙන් ,යාපනය කොටුව අසළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේදී මෙම දැවැන්ත අත්දැකීම හිමිකරදීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රසංගය ඕනෑම අයෙකුට නොමිලයේ දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දී තිබීමද විශේෂත්වයක් වේ. ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ,
“සංගීතය නැමති විශ්ව භාෂාව හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිමය බැඳීම් සැමරීම මෙම ප්‍රසංගයේ අරමුණයි.ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කලාකරුවන් මෙන්ම යාපනය ප්‍රදේශයේ කලාකරුවන්ගේද දස්කම් විදහා පාමින් සංහිඳියාවේ සහ එකමුතුකමේ වේදිකාවක් බවට මෙය පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි ”
2012 වසරේදී ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්දීය සිනමා සංගීතයට පිවිසි සන්තෝෂ් නාරායන් සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙක් වන අතර , සීමා මායිම් නොමැති සංගීතය හරහා ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා සංගීත ලෝලීන් පිනවනු ලබන කලා කරුවෙකු ද වේ.
කොළඹදී පැවති දැනුවත් කිරීමේ හමුවේදී සන්තෝෂ් නාරායන් මෙසේ ප්‍රකාශ ඇත .
” යාපනය යනු සුවිශේෂී සංස්කෘතියක්, සංගීතමය සහ කලාත්මක ඉතිහාසයකට හිමිකම් කියන නගරයක් , මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් සියලු ශ්‍රී ලාංකිකයින් හට සංගීතය රස විඳීමේ අවස්ථාව උදා කර දුන් ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා”
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
