දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් පනස් හත් ලක්ෂයක හිඟ විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් වන අලි තර්ජනවලට දැඩිව මැදිව සිටින තම ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බව දිඹුලාගල ආරණ්‍යයේ හිමිවරුන් පවසයි.

දානය සැපයීම සඳහා දුර බැහැරින් පැමිණෙන ජනතාවද මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරණ්‍ය සේනාසනයේ විදුලිය සඳහා බිලක් නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් බවත් ,  1982 වසරේදී එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් නොමිලේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දී ඇත්තේ එම විහාර්ස්ථානයෙන් සිදු කෙරෙන සුවිශේෂී ආගමික සේවාව සලකා බලමින් බවත් එහි භික්ෂූන් වහන්සේ සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...