‘The Crocodile’ සිම්බාබ්වේ ජනාධිපති ලෙස දෙවන වරටත් ජයග්‍රහණය කරයි

Date:

පසුගිය බදාදා (23) සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදී මිලියන 2.3 ජනමතයක් ලබා ගනිමින් Zanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, ඔහු ලබාගනු ලබූ ඡන්ද ප්‍රතිශතයක් 52.6%කි.

ඔහු හා තරග කළ සිම්බාබ්වේ විපක්ෂය වන පුරවැසි සන්ධානයේ (CCC) නෙල්සන් චාමිසා ජන්ද 44%ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඡන්ද මංකොල්ලකෑම් සිදුවී ඇති බවයි.

මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් වන 16-nation Southern African Development Community (SADC) හි නිරීක්ෂක දූත මණ්ඩල කියා සිටියේ, විපක්ෂයේ රැස්වීම් තහනම් කිරීම, ඡන්ද හිමි නාමලේඛනයේ ගැටළු, පක්ෂග්‍රාහී රාජ්‍ය මාධ්‍ය ආවරණය සහ ඡන්ද බිය ගැන්වීම් ඇතුළු ඡන්දය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටළු ගණනාවක් ඇති වූ බවයි.

1980 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස ලැබූ දා සිට වසර 43 ක කාලයක් සිම්බාබ්වේ පාලනය කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ Zanu-PF පක්ෂයයි. සිම්බාබ්වේ පසුගිය මාසයේ ලෝකයේ ඉහළම උද්ධමන අනුපාත වලින් එකක් වූ අතර, ජූලි මාසයේ මිල ගණන් පෙර වසරට වඩා 101.3% කින් ඉහළ යන ලදී . විරැකියාව ද බහුලව පවතින අතර, සිම්බාබ්වේ විධිමත් රැකියා කරන්නේ සමස්ත ජනගහනයෙන් 25%ක් පමණි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...