ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය හඳුන්වා දෙයි

Date:

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.

එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර මහාචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා නිල හඳුන්වා දීම සිදුකළ අතර එහිදී එම විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරනු ලැබූ ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වූ අයි.යූ.එස්.එල් කොයින් 1000 බැගින් පැමිණ සිටි සියල්ලෝටම ලබා දුන්හ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේදී කෘතීම බුද්ධියේ සිට තමන් කැමති ඕනෑම විෂය ධාරාවකින් උසස් අධ්‍යාපනය හැදෑරීම සිසුන්ට හැකි බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ප්‍රකාශ කළහ.

එම විශ්ව විද්‍යාලයේ කුලපති  උතුරුවල ධම්මරතන හිමියෝ එහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සිසුන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටීමට ඔවුන්ගේ ජීවිත වලින් වසර 4 ක් කැප කරන බවත් රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගය සඳහා දෙතුන් වතාවක් පවා පෙනී සිටින සිසුන් සිටින බවත්ය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය 2020 අයවැය යෝජනාවක් මත හඳුන්වා දුන්නත් විවිධ හේතුන් මත දියත් කිරීම ප්‍රමාද වූ බව උතුරුවල ධම්මරතන හිමියෝ පැවසුවේය.

නමුත් මාස 10 න් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් යොමු කරන පුද්ගලික පාසල් තිබෙන බවත් එම විභාගවලට පෙනී සිටීම සඳහා රජයේ පාසල් වල සිසුන් වැය කරන කාලය අවම කිරීම යෝග්‍ය බවත් ධම්මරත්න හිමියෝ පෙන්වා දුන්නේය.රජයේ විශ්ව විද්‍යාල තිබුණත් සිසුන් විශාල පිරිසකට එම විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමේ වරම් හිමි නොවන බවද ධම්මරත්න හිමියෝ ප්‍රකාශ කළේය.

Lankadeepa

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...