*
Monday, December 16, 2024
spot_img

Latest Posts

ධනුක හරියට දර්ශනය කර ගැනීමේ වැදගත්කම ජාතික ක්‍රීඩා උළෙල හරහා….

මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩකයා බවට පත් වන්නේ ධනුක දර්ශනය.විදුලිපුර ටර්බයිනයේ අලුත්ම විදුලිමය නිෂ්පාදනයක් වන ධනුක,ඉදිරයේදී සිය රැස් කදම්බ පුළුල් කරන්නට නියමිත අතර විදුලිපුර කදවුරේ ඔහුට ආසන්නයේ සිටින යොමාල් අකලංක ද එක් වූ පසු ඒවා පළල්ව,පුළුල්ව විහිදෙන්නට ඇති ඉඩ ආසන්නයේම පවතින බව ද සිතිය හැකිය.
මේ වන විටත් අධ්‍යාපනය තුළ ද සරසවි අධ්‍යාපනයට පිය තබා සිටින ධනුකගේ මලල ක්‍රීඩා ජීවිතය සමහර විට නඩත්තුව පිණිස මේ වන විටත් හමුදාමය අයිතියකට පත් වී තිබෙන්නට ඉඩ ඇත.ඒ ලංකාවේ තත්ත්වය ය.නමුත් ඊට වඩා පළල් අරුතකින් මලල ක්‍රීඩා උළෙලවලට,ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලිවලට උපකාර කරන ආයතනයක් මේ ක්‍රීඩකයාව නඩත්තු කරන්නට ඉදිරිපත් වන්නේනම් වැදගත් බව අපි විශ්වාස කරන්නෙමු.එසේම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය,ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව වැනි සංවිධාන හරහා ධනුකට මෙන්ම ඔහු ආසන්නයේම වැඩෙන යොමාල්ටත් ලෝකයේ වැදගත් තැනක පහස ලබා දෙන්නට මැදිහත් විය හැකිනම් වැදගත්ය.


මෙහිදී එම පුහුණුවේ මුල් පියවරට ඔලිමිපික් මට්ටමට,ආසියාතික ජයග්‍රහණ වෙත සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් මට්ටමට ශ්‍රී ලංකාව ඔසවා තබන්නට හැකි ක්‍රීඩකයින් නිර්මාණය කළ අනුර බණ්ඩාරව ද සම්බන්ධ කිරීම වටින්නේය.දක්ෂ පුහුණුකරුවා සෑම ක්‍රීඩකයෙක්ටම පොදු, නිශ්චිත පුහුණු සටහන් නඩත්තු කරගෙන නොයන අතර පුද්ගල ස්වභාවයන් අනුව පුහුණුවේ හැඩය නිර්මාණය කරන්නට සමත් නිර්මාණශීලි මිනිසෙක්ය.අනුර ඒ ජාත්‍යන්තර හැදෑරීමක් දක්වා දිගු නොවුණු සිය දැණුම තාර්කිකව සහ නිර්මාණාත්මකව යෙදවීම සම්බන්ධයෙන් සුදුසුකම් ධාවන පථය මත ඔප්පු කළ මිනිසෙක්ය.
ආයතනික වශයෙන් මලල ක්‍රීඩා සංගමයට මෙන්ම ඔලිම්පික් කමිටුවට මැදිහත් වන්නට හැකි ඉඩ තරමටම රාජ්‍ය තාන්ත්‍රික පැත්තෙන් ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට ද මේ කාරණය සඳහා මැදිහත් විය හැකිය.විශේෂයෙන් ශෙමාල් ප්‍රනාන්දු වැනි ක්‍රීඩා පරිපාලනයේ සිවිල් සුදුසුකම් පමණක් නොවන ප්‍රායෝගික කුසලකා ප්‍රගුණ කළ අයෙක් සිටියදී මේ තත්ත්වය ක්‍රියාවට නැංවිය හැකිනම් වඩාත් වැදගත්ය.


තවත් ආකාරයකින් කඩුලු පැනීමේ ශානරය ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේදී වැඩි අවධානයකට ලක්වන ඉසව්වක් බවට පත් වෙමින් තිබෙන බවක්ද දැකිය හැකිය.මීටර් 400 දී ධනුක මෙන්ම යොමාල් ද මීටර් 110 ඉසව්වේදී නව ජාතික වාර්තාලාභියා මෙන්ම මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වාර්තාව ද දිනා ගත් ජනිඳු ලක්විජය සහ රොෂාන් රණතුංග ද මෙහිදී විශේෂ කොට සැළකිය යුතුය.මේ සියලුම දෙනා වයස දහ දැණුම අතින් ගත්ත ද ජාත්‍යන්තර මට්ටමේ දී ක්‍රීඩාව සහ අධ්‍යාපනය කළමණාකරණය කර ගත හැකි අයය.එසේම ඔවුන්ගේ පුහුණුකරුවන් වන අශෝක ජයසුන්දර මෙන්ම ටිරෝන් ගමගේ ද ඒ සම්බන්ධයෙන් පළල හැදෑරීමකට පිපාසය ඇති අයය.
ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් එක දිගට තත්පර 52 සීමාවේ රැඳෙන නදීශා රාමනායක මෙන්ම මලල ක්‍රීඩා අංශයේ වාර්තා වූ සුළු වාර්තා ප්‍රමාණයට දායක වූ සෑම දෙනාමත්,ඉසව්වල ජයග්‍රාහකයනුත් සිඳු කළ දක්ෂතා ඉහළින්ම ඇගයිය යුතුය.ඒ අතරින් දුරක් යා හැති මඟක් පේන අපේ විශේෂ සටහනට අදාළවත්,තරුෂි කරුණාරත්න ගැන ද රටක් හැටියට අපේ යන හැඟීම මීට වඩා පළල්ව දරාගෙන සිතීම රටට යහපතක්ම වනු ඇත.


සම්ප්‍රදායනුකූලව වැඩි පහසුකම් සහ අවස්ථා ඇති බස්නාහිරත්,බස්නාහිරෙන් කොළඹත් ප්‍රධාන වූ රන් ප්‍රමාණය වැඩි විය.එය දක්ෂතා අවතක්සේරු නොකරද දක්ෂතා සඳහා ඇති අවස්ථාවන් පුළුල් කර ගැනීමට තිබෙන මාර්ගවල පළල් සහ පටු බව විසින් නිර්මාණය කරනු ලබන ඇත්ත තත්ත්වයක් යන්න ද බැහැර කළ නොහැකිය.ඒ නිසා දිනූ අයට සම්මාන සහතික ලබා ගත් අයට සුබ පතන අතරේම ලංකාවේ ක්‍රිඩාව ජාත්‍යන්තර වන්නට තවත් පළල් විය යුතු අන්දම ගැන මේ ප්‍රතිපල සමාලෝචනය කරමින් හැදෑරීමට හැකිනම් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ විදඨාර්ථීන් හරහා සමාලෝචනයක් කර ගත හැකිනම්,පරීක්ෂණයක් කළ හැකිනම් සහ පරීක්ෂ වාර්තාවක් ගෙන ඔවුන්ගේ ද අදහස් හා යෝජනා සමඟ එය සමාජයට පළල් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග සඳහා යොමු කළ හැකිනම් ඉතාමත් වැදගත්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan