ජාත්‍යන්තරව තහනම් පළිබෝධනාශක මෙරට භාවිතා කිරීම ගැන ඇමති අමරවීර වාර්තාවක් කැඳවයි!

Date:

කොළඹ LNW: අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා අන්තර්ජාතික තහනම් කරන ලද කෘමිනාශක හා වල්නාශක ඇතුළත් පළිබෝධනාශක වර්ග 40ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන බවට අනාවරණය කර තිබුණි.

ඒ අනුවයි අමාත්‍යවරයා ක්‍රියාත්මක වී ඇත්තේ.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධව කළ විමසීමක දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අන්තර්ජාතික තහනම් කර ඇති පළිබෝධ නාශක මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දී නැති බවත්, පරිසර යුක්ති කේන්ද්‍රය පවසන පරිදි අදාල වාර්තාව ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව තමන්ට සොයා බැලීමක් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජය තහනම් කර තිබෙන පළිබෝධනාශක රට තුළ අලෙවි කිරීම, බෙදාහැරීම හෝ භාවිතා කිරීම තහනම් බවත් කිසියම් පුද්ගලයෙක් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලයට බලය තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...