පළමු ජය ශ්‍රී ලංකාවට!

Date:

ආසියානු අවුරුදු 16 න් පහළ පිරිමි පැසිපන්දු සූරතාවලිය නියෝජනයට දකුණු ආසියාවෙන් සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පවත්වන තරගාවලිය ඊයෙ කොළඹ සුගතදාස ගාහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් පැවති මංගල තරගයේ ජයග්‍රහණය පහසුවෙන් අත් කර ගන්නට තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාවට හැකි විය.ඒ මාල දිවයින අවුරුදු 16 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 97 – 51 ක් ලෙස ය.

තරගයේ පළමු අර්ධයට වඩා දෙවන අර්ධය ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් විය.පළමු අර්ධයේදී ජයග්‍රාහී ශ්‍රී ලංකාව ලැබුවේ ලකුණු 45 ක් වුව ද,දෙවන අර්ධයේදී ඔවුන් ලකුණු 52 ක් ලබා ගන්නට සමත් විය.මාල දිවයින කණ්ඩායම ද පළමු අර්ධයේදී ලකුණු 24 ක් පමණක් ලැබුව ද දෙවන අර්ධයේදී ලකුණු 27 ක් ලබා ගන්නට සමත් විය.ඒ අනුව කණ්ඩායම් දෙක දෙවන අර්ධයේ මුළු ලකුණු එකතුවට වඩා ලකුණු 10 ක් තරගයට එකතු කර ඇත.

තරගයේ කාර්තු හතර ගත් විට පිළිවෙලින් එහිදී ලකුණු වාර්තිවීම් 22 – 08,45 – 24,73 – 37 සහ 97 – 51 සේ දැක ගත හැකි විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කර දුන්නේ ඒඩ්රියන් ජයවර්ධනය.මාල දිවයින කණ්ඩායමේ ඉරුෂාන් මොහොමඩ් ය.
අද ශ්‍රි ලංකාව තරග නොවැදුණ ද ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක දිනයකි.ඒ මාල දිවයින සහ ඉන්දියාව අතර තරගයේ ලකුණු පූවරුව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමණට වැදගත් වන්නට ඇති ඉඩ නිසාය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...